ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක
ණය පහසුකමක් ලබාගැනීමට සූදානම් වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී
ලංකා රජය මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් තාක්ෂණික මට්ටමේ
සාකච්ඡාවක් පැවැත්වීමටත් ජූනි මාසය අවසන් වනවිට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට
පැමිණීමටත් සූදානම් වන බව ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය
වාර්තා කර ඇත.
ශ්‍රී
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ ණය පහසුකමක් ලබාගන්නා 17 වැනි අවස්ථාව
මෙය වේ.
ඡායාරූපය - රොයිටර්ස්
මුල් ලිපිය - ඩොලර් බිලියන තුනක ණයක් ගන්න සැරැසෙයි
රොයිටර්ස් වාර්තාව - EXCLUSIVE Sri Lanka seeking $3 bln under IMF Extended Fund Facility - sources
