Wednesday, November 16, 2016

අයවැය යෝජනා හොයන්න කමිටුවක්

අයවැය යෝජනා නිසියාකාරව ක්‍රියාත්මකව වනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවැසීය.  

කොතරම් අයවැය යෝජනා ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම්, මුදල් වෙන් කිරීමෙන් කිසිදු ප්‍රගතියක් අත් නොවන බව ද කරුණානායක මහතා එහිදි කීය. 

“අයවැය - බදු යෝජනා සහ ව්‍යාපාර කෙරෙහි බලපෑම” යන මැයෙන් ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධීකාරී ආයතනය සංවිධානය කරන සම්මන්ත්‍රණය අමතමින් මුදල් ඇමැතිවරයා එසේ කීය. 
 “මෙම කමිටුව සාමාජිකයන් දහයත් දොළහත් අතර පිරිසකගෙන් සමන්විතයි. අයවැය යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න සොයා බැලීම එම කමිටුවට පැවරෙන වගකීමයි. අයවැය යෝජනා ක්‍රියාත්මක වනවාද, වෙන් කරන ලද මුදල්වලින් ඒ ඒ අමාත්‍යාංශ නිසි ප්‍රතිඵල ගන්නවාද යන්න සොයා බලා ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම ඔවුන්ගේ කාර්යභාරය වනවා. එම කමිටුව සතිපති ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දේවි‘

2017 වසර සඳහා අයවැය පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය. 

ඡායාරූපය ඩේලිමිරර්


http://www.lankadeepa.lk/index.php/articles/480392

Thursday, November 10, 2016

‘සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කරනවා‘ - රවී


දිගු කාලීන වැඩපිළිවෙළක් සහිත සංවර්ධනාත්මක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. 
ශ්‍රී ලංකාවේ විසිවැනි මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා හෙට (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මෙරට ඉතිහාසයේ 70 වැනි අයවැයයි.
මෙවර අයැවය අධ්‍යාපනය හා සෞඛ්‍ය යනාදී මූලික ක්ෂේත්‍රවලට කෙරෙන වියදම් කප්පාදු කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ අපේක්ෂා ඉටු කරන ලද අයවැයක් යැයි ඊට විරුද්ධව අදහස් දක්වන්නෝ කියති.


ඡායාරූපය ලංකාදීප



‘අහිමිවූ තැනට යළි යන්න ඕනෑ‘

යුරෝපා වෙළෙඳපොළේ ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනවලට අහිමි වූ ස්ථානය නැවත දිනාගත යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වාදෙයි. 
වසර 10කට පෙර යුරෝපා රටවල මත්ස්‍ය මිල තීරණය කළේ ශ්‍රී ලංකාව බව සඳහන් කරන අමාත්‍යවරයා අද මිල තීරණය කරන්නේ මාලදිවයින යැයි ද සඳහන් කළේය.
එහෙයින් මෙරටට අහිමි වු එම ස්ථානය යළි දිනා ගැනීමට රජය කටයුතු කරන බව ද ඊට මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ සහාය ද අවශ්‍ය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 
මත්ස්‍යයින් විදේශවලට අපනයනය කිරීමේ දී ඊට අවශ්‍ය  තොග අප රටේ ධීවරයන්ගෙන් ගන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ද කර ඇත. 

ඡායාරූපය ඒ.එෆ්.ඕ


Wednesday, November 9, 2016

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනියි



ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ පැවැති ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඔහු ඡන්ද මණ්ඩල 276ක් දිනාගත් අතර ප්‍රතිවාදීයා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයගත හැකිවූයේ ඡන්ද මණ්ඩල 218ක් පමණි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් තේරී පත් වූ බව ඒ.පී පුවත් සේවය උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.
දේපළ වෙළෙඳාම්, රූපවාහිනි තාරකාවක් වූ හැත්තෑ වියේ පසුවන ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා හමුදාවේ හා එරට රාජ්‍ය තනතුරක් නොදරමින් ජනාධිපතිධුරයට පත්වූ පළමුවැන්නාය. එමෙන්ම ඇමෙරිකා ජනාධිපතිධුරයට පත්වන වයස්ගත ම පුද්ගලයා යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රොනල්ඩ් රේගන්ය. ජනාධිපතිධුරයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 69ක් හා දින 349ක් විය. ජනාධිපතිධුරයේ සිටි වයස්ගතම පුද්ගලයා වනුයේද රොනල්ඩ් රේගන්ය. ජනාධිපතිධුරයේ සිටින විට ඔහුගේ වයස අවුරුදු 77ක් විය. 
ඒ අනුව 57 හැවිරිදි වියේ පසුවන මයික් පෙන්ස් ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇත. ඔහු දිගු කාලයක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර මේ වනවිට ඉන්දියානා ප්‍රාන්තයේ රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි. 
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමත් සමඟ ආර්ථික හා දේශපාලනය ප්‍රතිවිපාක රැසක් ඇතිවනු ඇතැයි විශ්ලේෂකයෝ දැනටමත් අනාවැකි පළ කර ඇත. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී හිලරි ක්ලින්ටන් ජයගනු ඇතැයි අපේක්ෂාවෙන් කොටස් වෙළෙඳපොළවල් රැසක් පසුගිය දින කිහිපයේදී ඉහළ ගියේය.


http://middleeast.lankadeepa.lk/world_news/ඇමෙරිකානු--ජනාධිපතිවරණයෙන්-ඩොනල්ඩ්-ට්‍රම්ප්-ජයගනියි/3-956

Thursday, November 3, 2016



(ඡායාරූපය ද හින්දු වෙබ් අඩවියේ පළ වූවකි)

ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නවදිල්ලි නුවර පැවැති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති එම සාකච්ඡාවලට තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර නියෝජිතයෝ සහ උතුරේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ. එමෙන්ම ඊට දෙරටේ ඉහළ පෙළේ නිලධාරීහූ ද සහභාගී වූහ. 
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් හා එරට කෘෂිකර්ම අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

Friday, October 28, 2016

‘මහේන්ද්‍රන්ගේ බෑණා ඩොලර් මිලියන ගනණින් ලාබ උපයලා‘

 කොටස් වෙළෙඳපොළ රහසිගත තොරතුරු ලබාගෙන තම වාසියට නීති විරෝධී ලෙස නුදෙනු කළ බවට චෝදනා ලැබ මීට මාස තුනකට පෙර මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටුවක් නිර්දේශ කළේය.
ශ්‍රී ලංකා සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන මහේන්ද්‍රන් තම බෑනාට කොටද් වෙළෙඳපොළ අභයන්තර රහස් තොරතුරු දුන් බවට චෝදනාවලට ලක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියක දී ඩොලර් මිලියන ගණනින් ලාභ ඉපැයීමට එමඟින් අවස්ථාව සැලසිණැයි ද චෝදනා එල්ල විය.
මෙම වංචාව සිදුවූයේ ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටියදීය. මේ අතරවාරයේ දී ශ්‍රී ලංකාව පසුගිය ජූලි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක (කෝටි 150) ණය පහසුකම් ගැනීමට ද කටයුතු කළේය.
අදාළ නිර්දේශ ඉදිරිපත් කරමින්, එම ද්විපාර්ශවීය අධීක්ෂණ කමිටුව (කෝප්) මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑනාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ද ඉල්ලා සිටියේය.
“ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ගේ ක්‍රියාකලාප නිසා රටට සිදු වූ පාඩුව ඔවුන්ගෙන් පියවා ගත යුතුයි” යැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුව හමුවේ කීය. 
පසුගිය ජූලි මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   මහේන්ද්‍රන්   එම තනතුරෙන් ඉවත් කළ අතර ඔහුටත් ආණ්ඩුවටත් එල්ල වූ මහජන පීඩනය ඊට හේතුවිය. ඉන් අනතුරුව ඔහුට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඔහු නියෝග කළේය. 
වත්මන් ආණ්ඩුවේ කමිටුවක් මගින් මහේන්ද්‍රන් එම චෝදනාවලින් නිදහස් කළේය. බැඳුම්කර ගනුදෙනුවලට ඔහුගේ සෘජු සම්බන්ධයක් නැතැයි ද එම කමිටුව කීය. කෙසේ වෙතත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන්, පරීක්ෂණයක් සිදු කිරීමට ආණ්ඩුවට සිදුවිය. 
මහේන්ද්‍රන් දිගින් දිගටම නිර්දෝෂී බව කියා සිටියේය.


http://www.lankadeepa.lk/index.php/top_story/474077



යුරෝපයට යන්න ගිය සරණාගතයන් 3700ක් මුහුදේදී මියගිහින්


මේ වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මධ්‍යධරණී මුහුද තරණය කරමින් යුරෝපයට ගමන් කිරීමට උත්සහ කර මියගිය පිරිස 3,740ක් යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය වසරේදී මියගිය සංඛ්‍යාව 3,771ක් යැයි සඳහන් කරන එම කාර්යාලය මේ වසරේ තවත් මාස දෙකක් ගත වීමට තිබියදී මිය ගිය ගණන සාපේක්ෂව වැඩි යැයි ද පවසා සිටියි.  

මිය ගිය ගණන පසුගිය වසරට සාපේක්ෂව වැඩි වුවද මේ වසරේදී මධ්‍යධරණී මුහුද ඔස්සේ ගමන් කළ පිරිසේ අඩුවක් දක්නට ඇතැයි ද වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවලට අනුව පසුගිය වසරේදී මධ්‍යධරණී මුහුද ඔස්සේ ගමන් කළ ප්‍රමාණය මිලියන එකක් වන විට මේ වසරේ මේ දක්වා කාලය තුළ ගමන් කළ පිරිස 327,800කි.


http://middleeast.lankadeepa.lk/world_news/ යුරෝපයට-යන්න-ගිය-සරණාගතයන්-3700ක්--මුහුදේදී-මියගිහින්/3-836

යුරෝපයට යන්න ගිය සරණාගතයන් 3700ක් මුහුදේදී මියගිහින්


මේ වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මධ්‍යධරණී මුහුද තරණය කරමින් යුරෝපයට ගමන් කිරීමට උත්සහ කර මියගිය පිරිස 3,740ක් යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය වසරේදී මියගිය සංඛ්‍යාව 3,771ක් යැයි සඳහන් කරන එම කාර්යාලය මේ වසරේ තවත් මාස දෙකක් ගත වීමට තිබියදී මිය ගිය ගණන සාපේක්ෂව වැඩි යැයි ද පවසා සිටියි.  

මිය ගිය ගණන පසුගිය වසරට සාපේක්ෂව වැඩි වුවද මේ වසරේදී මධ්‍යධරණී මුහුද ඔස්සේ ගමන් කළ පිරිසේ අඩුවක් දක්නට ඇතැයි ද වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවලට අනුව පසුගිය වසරේදී මධ්‍යධරණී මුහුද ඔස්සේ ගමන් කළ ප්‍රමාණය මිලියන එකක් වන විට මේ වසරේ මේ දක්වා කාලය තුළ ගමන් කළ පිරිස 327,800කි.


http://middleeast.lankadeepa.lk/world_news/ යුරෝපයට-යන්න-ගිය-සරණාගතයන්-3700ක්--මුහුදේදී-මියගිහින්/3-836

‘100 පෙරගෙවුම් කාඩ් පතේ 33%ක් බදු‘

නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්දත් සමඟ රුපියල් සියයක දුරකතන පෙරගෙවුම් කාඩ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක් බදු ලෙස අයවන බව  රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අද (28) ප්‍රකාශ කළහ. 
දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව බදු වර්ග දෙකක් අයවන බවත් ඔවුහු කීහ. ඒ අනුව දුරකතන සේවාවලදී ඉහත බදු දෙකට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය වේ. 
එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළ සංශෝධන සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුහු එම කරුණු කීහ. 
දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක් වන බව ත් ඔවුහු කීහ.
සේවා සපයන්නාගේ ගාස්තුව රුපියල් සියයක් නම්, බදු ලෙස රුපියල් පනහක් අය වන බවත්, ඔවුහු පැවැසූහ. දුරකතන සේවා සමාගමට රුපියල් සියයක් අය වන බව ද කීහ. ඒ අනුව ගාස්තුවෙන් සියයට පනහක් නොව, රුපියල් පනහක් ගාස්තුව ලෙස අයවන බව ද ඔවුහු පැවැසූහ. ඒ අනුව ගාස්තුව එකසිය පනහක් නම් බදු ලෙස අය වන්නේ සම්පූර්ණ ගාස්තුවෙන් තුනෙන් එකක් යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ. 
ඒ අනුව රුපියල් සියයක පෙර ගෙවුම් කාඩ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක්, එනම් රුපියල් 33 ක් බදු වන අතර ඉතිරි රුපියල් 67 දුරකතන ගාස්තු ලෙස අයවන බව ද අන්තර්ජාල සේවාවලදී විදුලි සංදේශ බද්ද ලෙස අය වෙන්නේ සියයට 10ක් වන බැවින් අන්තර්ජාල ගාස්තු දුරකතන සේවා ගාස්තුවලට අඩු බව ද එම නිලධාරීහූ වැඩිදුරටත් කීහ.  
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.කේ සෙනෙවිරත්න, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.අයි එරන්ද සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති උපදේශික තනූජා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.



Monday, October 17, 2016

සිරියානුවන්ගේ අනාගතය සිරියාවට බාරයි. සියලු පාර්ශව එකඟ වෙති



සිරියාව ඔවුන්ගේ අනාගතය තීරණය කළ යුතු බවට සියලු‍ පාර්ශව එකඟතාව පළ කළ බව රුසියාව සඳහන් කරයි. සිරියාවේ අර්බුදය සාකච්ඡා කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ලොසෑන්හිදී ඊයේ (15) පැවැති අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡාවෙන් අනතුරුව රුසියාව ඒ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒකාබද්ධ නිවේදනයකින් ද තොරව මෙම සාකච්ඡාව අවසන් වූ අතර ඉදිරියේදී ද සාකච්ඡා පැවැත්වීමට තීරණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

එම සාකච්ඡාවලට සිරියානු අර්බුදයට මැදිහත් වී සිටින සියලු‍ පාර්ශව සම්බන්ධ විය යුතු බව ද රුසියාව එහිදි පෙන්වා දී ඇත.  පැය හතරක් පුරාවට පැවැති සාකච්ඡාවල කැඳවුම්කරු වූයේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය. රුසියාව, ඉරානය, ඉරාකය, සෞදි අරාබිය, තුර්කිය, කටාරය, ජෝර්දානය සහ ඊජිප්තුව යන විදේශ අමාත්‍යවරු ඊට සහභාගී වූහ. එමෙන්ම ඊට සිරියාව වෙනුවෙන් පත් කරන සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ස්ටැෆැන් ද මිස්තූරා ද සහභාගි විය. 

සිරියානු අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඉදිරියේදී නැවත සහභාගී වී සාකච්ඡා කිරීමට සහභාගි වූ පිරිස එකඟත්වය පළ කළ බව සාකච්ඡාවෙන් පසුව රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසීය. 

එසේම සාකච්ඡා අතරවාරයේදී වැදගත් අදහස් කිහිපයක් ම මතු වූ බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඔහු කීවේය.

මත ගැටුම් හා කලබලකාරී ගතියක් ගත්ත ද, සාකච්ඡා ප්‍රතිඵලදායක බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා සිටියේය. 

සැප්තැම්බර් මාසයේදී සටන් විරාමය කඩවීමෙන් පසු ජෝන් කෙරී සහ සර්ගේ ලැව්රෝව් හමු වූ පළමු අවස්ථාව මෙය විය. 

මැදිහත් අදහස් දරන සිරියාවේ විපක්ෂ කණ්ඩායම් ත්‍රස්තවාදීන්ගෙන් වෙන් කරගන්නේ කෙසේ දැයි සාකච්ඡා කිරීමට මෙම  හමුවේදී වැඩි ඉඩක් ගත වූ බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය හුසෙන් ජබෙරි අන්සාරි පැවැසීය. 

රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කරන ප්‍රදේශවලින් ඇමෙරිකාවේ සහාය ලබන මැදිහත් විපක්ෂ කණ්ඩායම් ඉවත් විය යුතු බවත් එවිට ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන කරන ප්‍රහාරවලින් ඔවුන්ට හානියක් නොවන බවත් මෙම සාකච්ඡාවේදී රුසියාව පෙන්වා දී ඇත. 

සටන් විරාමය කඩවූයේ ඇයිද යන්නනත් මානුෂීය සහ වෛද්‍ය ආධාර දීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට ලක්වී ඇත. 

සිරියාවේ දෙවැනි විශාලතම නගරය වන ඇලෙපෝ නගරය 2012 වසරේ සිට බෙදී ඇත. එක් කොටසක පාලනය විදේශ සහාය ලබන සටන් කණ්ඩායම් සතුවන අතර අනෙක් කොටසේ පාලනය ඇත්තේ රජයේ හමුදා සතුවය. 

මෙම සාකච්ඡාවලට අමතරව සර්ගේ ලැව්රෝව් ඉරාන විදේශ අමාත්‍ය මොහොමද් ජාවද් සරීෆ් සහ ඉරාක විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් අල් ජාෆාරි සමඟ ද සාකච්ඡා පැවැත්වීය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2011 වසරේ මාර්තු මාසයේදී ආරම්භ වූ සිරියා අර්බුදයෙන් මෙතෙක් මිය ගණන 400,000කට ඉක්මවා ගොස් ඇත. 



රොයිටර් ඇසුරිනි

සිරියානු අර්බුදය විසඳන්න තවත් රටවල් ඕනෑ - පුටින් කියයි

සිරියානු අර්බුදයට විසඳුම් සෙවීමේදී තවත් රටවල් බොහෝමයක් ඊට සම්බන්ධ විය යුතු බව රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් ඊයේ (16) ප්‍රකාශ කළේය. 
ප්‍රංශ සංචාරය අවලංගු කරන ලද්දේ සිරියානු අර්බුදය එම සාකච්ඡාවල මූලික නොවූ නිසාත් ප්‍රංශය සිරියානු අර්බුදයට සැලකිය යුතු මැදිහත් වීමක් ද කර නැති නිසාත් යැයි එහිදි රුසියා ජනපතිවරයා කීවේය. 
රුසියානු සංස්කෘතික සහ අධ්‍යාත්මික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයටත් ප්‍රදර්ශනයකටත් සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපතිවරයා ලබන 19 වැනිදා ප්‍රංශයට යෑමටව නියමිතව තිබුණි. එහෙත් රුසියා ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව තිබූ ඉසව් කිහිපයක් ප්‍රංශ බලධාරීන් විසින් ඉවත් කිරීම හේතුවෙන් එම සංචාරය අවලංගු කිරීමට රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය.

Thursday, October 13, 2016

කාගේ කාගේත් ‘කෝටා‘ ඉවරයි

මනුෂ්‍යය සංහතිය මේ වසරට නියමිත ස්වාභාවික සම්පත් ප්‍රමාණය මේ වනවිට පරිභෝජනය කර අවසන් කර ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි. 
වසරක් ආරම්භයේදී ඒ වසරේ දී පරිභෝජනය කළ යුතු උපරිම ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇස්තමේන්තු කෙරෙන අතර මේ වසරේ පළමු මාස හත අවසන් වෙද්දි මනුෂ්‍ය සංහතිය වසර නියමිත ස්වාභවික සම්පත් ප්‍රමාණය පරිභෝජනය කර ඇතැයි ද එය මෙතෙක් වාර්තාව ඉහළම අනුපාතය යැයි ද එම වාර්තාව පෙන්වා දෙයි. එලෙස වසරකට නියමිත ස්වභාවික සම්පත් පරිභෝජනය කර අවසන් කරන දිනය පාරිසරික ණය දිනය ලෙසින් (ඉලක්කය ඉක්මවා ගිය පෘථවි දිනය) හඳුන්වයි. මේ වසරේ එම දිනය අද (අගෝස්තු 8) වැනිදාට යෙදී ඇති අතර එය පසුගිය වසරට වඩා දින පහක් ඉදිරියට පැමිණීමකි. පෘථිවියට නැවත ජනනය කළ හැකි (පුනර්ජනනීය) ස්වභාවික සම්පත් ප්‍රමාණය අවසන් වීම යන්න පාරිසරික ණය දිනයෙන් තවදුරටත් අදහස් කෙරේ. 
ලෝක වනසත්ව අරමුදල ඇතුළුව පාරිසරික සංවිධාන රැසක්ව එක්ව මෙම වාර්තාව සකස් කරයි. 
ඒ අනුව අද (8) සිට පෘථිවිවාසීන් ජීවත්වන්නේ ණයකරුවෝ ලෙසය. වසර 1993 පාරිසරික ණය දිනය ඔක්තෝබර් 21 වැනි දිනටත්, 2003 වසරේදී එය සැප්තැම්බර් 22 දිනටත් පසුගිය වසරේදී එය අගෝස්තු 13 වැනි දිනටත් යෙදී තිබුණි.  
පාරිසරික ණය දිනය ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ හරිතාගාර වායු පිටවීම් වර්ධනය යැයිද ස්වභාවික සම්පත් මත මානව වර්ගයාගේ ඉල්ලුම සියයට 60කින් වැඩි කිරීමට හේතු වී ඇතැයි ද අදාළ වාර්තාව පෙන්වා දී ඇත. 

පැරිසියේදී (ඒ.එෆ්.පී)


http://www.lankadeepa.lk/index.php/articles/445258

Friday, October 7, 2016

ශ්‍රී ලංකාවට එරෙහි පෙත්සම විසිවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන් ආරක්ෂා කරන්නැයි ඉල්ලමින් මහජන සුබසිද්ධිය සඳහා නෛතික ක්‍රියාවලිය යටතේ මීට වසර දෙකකට පෙර ඉදිරිපත් කරන ලද පෙත්සමක් මදුරාසි මහාධිකරණය නිශ්ප්‍රභ කළේය. 
කච්චතිව් දූපත, පෝක් සමුද්‍ර සන්ද්‍රීය සහ මන්නාරම් බොක්ක තමිල්නාඩු ධීවරයන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර ගැටුම් ඇතිවෙන ප්‍රදේශ යැයි සඳහන් කරමින් ආනන්ද මුරුගන් නැමැති නීතිඥවරයෙක් 2014 දී එම පෙත්සම ඉදිරිපත් කළේය.
තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතන්පුරම් පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාශ පාලනය යටතේ පැවැති කච්චතිව් දූපත ඉන්දීය මධ්‍යම රජය ඒකමතික ගිවිසුමකින් ශ්‍රී ලංකා රජයට පවරා දුන්න ද ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් සිටින්නේ වැරැදි අවබෝධයකින් යැයි  පෙත්සම්කරු පැවසීය. 
ධීවර කටයුතුවල යෙදීමේ අයිතියත් කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත යෑමේ අයිතියත් ඉන්දීයාව සතු වුවත් ඉන්දීය ධීවරයන්ට දූපතට පැමිණිය හැක්කේ මාළු දැල් වියළීමට පමණක් යනුවෙන් ශ්‍රී ලංකාව ගිවිසුම වැරදි ලෙස අර්ථකථනය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. 

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි


http://www.lankadeepa.lk/index.php/articles/465889

මාස දෙකකින් ඇලෙපො නගරය සම්පූර්ණයෙන් වැනසේවි

මාස දෙකක පමණ කාලයක් තිස්සේ සිරියාවේ ඇලෙපෝ පවතින ගැටුම්වලින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද නගරය සම්පූර්ණයෙන් විනාශ වනු  ඇතැයි එක්සත් ජාතීන්ගේ සිරියාව පිළිබඳ විශේෂ නියෝජිතයා පවසයි.
කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින නැගෙනහිර ඇලෙපෝ නගරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ඔහු පවසා සිටියි.
අල් කයිඩා සංවිධානය හා සම්බන්ධ ජිහාද් සංවිධාන නගරයෙන් ඉවත් කිරීමට සම්පූර්ණ සහාය දෙන බවත් එමඟින් නරගයේ පවතින ගැටුම් නවතා දැමීමට හැකි වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සිරියා නියෝජිත ස්ටාෆාන් දි මිස්තුර මාධ්යජ හමුවේ පැවැසීය.
සටන්කාමීන් ඉවත් කරන අතරතුරු නගරය විනාශ නොකරන්නැයි ද එම අවස්ථාවේදී ඔහු රුසියාවෙන් සහ සිරියා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේයග
සිරියා රජයේ හමුදා සේනාංක ඇලෙපෝ නගරයේ නැගෙනහිර කොටස වටකරමින් සිටින අතර එම ප්ර දේශයේ පමණක් 275ල000 ආසන්න සංඛ්යා්වක් ජීවත්වන බව ද වාර්තා වේ.
ත්ර්ස්තවාදීන් නොවන සිවිල් වැසියන් දහස් ගණනක් මේ ගැටුම්වලින් මියගොස් ඇතැයි තවත් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති එම මාධ්යය හමුවේදී එක්සත් ජාතීන්ගේ සිරියා නියෝජිතයා පැවැසීය.
 ර්‍ණනත්තල සමරද්දීත් මේ වසර අවසානයේදීත් අපට දැකගන්නේ ලැබෙන්නේ මේ විනාශයයිග මේ තත්ත්වය දිගටම පැවැතුණොත් මේ වසර අවසන් වෙද්දි සිරියාවේ හොම්ස් නගරයත් සම්පූර්ණයෙන් විනාශ වේවි” ඔහු තවදුරටත් කීවේය.


ගුවන් ප්‍රහාරවලින් අයි.එස්. ත්‍රස්ත නායකයෝ 18 ක් මියයති

 (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය හා ඔවුන්ගේ රටවල් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පසුගිය දින 30ක කාලයේදී අයි.එස් ත්‍රස්ත නායකයන් 18 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
එයින් 13 දෙනකු මියගොස් ඇත්තේ ඉරාකයේ මොසුල් හිදීය. මොසුල් යනු අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ තිබෙන ප්‍රධානම නගරය යැයි ද පැවසේ. 
ඉරාක හමුදාවල සහයට තවත් භට කණ්ඩායම් 600ක් යැවීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සතිය ආරම්භයේදී ප්‍රකාශ කළේය. මේ වනවිටත් මොසුල් නගරය බේරාගැනීම සඳහා ඉරාක හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. කෙසේ නමුත් අයි.එස් ත්‍රස්තයන්ගෙන් නගර මුදා ගැනීමේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ ඉරාක හමුදා පමණක් යැයි එරට හමුදාවේ නිලධාරීහු පැවැසූහ. ඇමෙරිකාවේ සහාය ගන්නේ බුද්ධි අංශ කටයුතු, පුහුණු කිරීම් ආදියට පමණක් යැයි ඉරාක නිලධාරීහූ ප්‍රකාශ කර තිබුණි. ලොවටම තර්ජනයක් වී තිබෙන අයි.එස් ත්‍රස්ත සංවිධානය ඉරාකයේ හා සිරියාවේ බොහෝ තැන්වල පාලනය තමන් සතු කරගෙන තිබුණද ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ බලය පසුගිය කාලයේදී ක්‍රමයෙන් අඩුවිය. 
පසුගිය කාලයේදී අයි.එස් ත්‍රස්තයන් 3000ත් 4500ත් අතර පිරිසක් මොසුල් නගරය හැර ගොස් ඇති බවත් එල්ල වන ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තයන්ට නගරවලට ඇතුළුවීමට නොහැකි වී ඇති බවත් පැවසේ. 
ග-ුවන් ප්‍රහාරවලට හා ඉරාක හමුදාවලට සහය දීම සඳහා ඇමෙරිකා භට කණ්ඩායම් 4,565ක් පමණ මේ වනවිට ඉරාකයේ සිටින අතර ඔවුන් ඉරාක හමුදා පුහුණු කිරීමේ කටයුතුවල ද නිරතව සිටිති.


http://middleeast.lankadeepa.lk/latest_news/

සටන් කරුවන් යටත්වන්නේ නම් සමාව දෙනවා- සිරියානු ජනාධිපති

(රොයිටර්)

සිරියානු රජයට එරෙහිව දැනට ඇලෙපෝහි සටන ් වදිමින් සිටින සටන් කරුවන් යටත් වෙන්නේ නම් ඔවුන්ට සමාව දීමට තමා සූදානම් බව සිරියා ජනපති බෂීර් අල් අසාද් ඊයේ (6) පැවසීය.
කැරැලිකරුවන්ට ආයුද බිම තබා තම පවුල්වල සාමාජිකයන් සමඟ ඇලෙපෝ නගරය අත් හැර යා හැකි බවද සිරියා ජනපතිවරයා තවදුරටත් පවසා ඇත.
සිරියාවේ විශාලතම නගරය වන ඇලෙපෝ නගරයේ බලය දිගු කලක් තිස්සේ රැඳී තිබුණේ කැරැලිකරුවන් අතය. මෑතකදී ඇතිකර ගනු ලැබූ සටන් විරාමය බිඳ වැටීමෙන් පසුව රුසියාවේ සහාය ලැබෙන සිරියානු හමුදා මේ වනවිට සටන් කරුවන්ගේ බලය බොහෝ දුරට බිඳ දැමීමට සමත් වී ඇත. සටන් කරුවන් අත තිබූ ඇලෙපෝ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම අල්ලා ගැනිමට සිරියානු හමුදා සමත්වී සිටිති.

‘තාත්තා මෛත්‍රී එක්ක : පුතා මහින්ද එක්ක‘

පෞද්ගලික අභිමතාර්ථ හා වෙනත් පක්ෂ සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් නිසා විවිධ කණ්ඩායම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට අවශ්‍ය වී ඇතැයි නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද (7) පැවැසීය.
 එකම පවුලේ අය ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් නියෝජන කරන අතරම එම පවුලේම තවත් අය ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන බව ද ඔවුන් කිසිවකුටත් නිදහස් පක්ෂය පිළිබඳ හැඟීමක් නැතැයි ද ඔහු කීවේය. 
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  තරුණ පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.  
“සමහරුන්ගේ තාත්තා ජනාධිපතිවරයා සමඟ ඉන්නවා. පුතා ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉන්නවා. ඒ පවුල්වලට ප්‍රශ්නයක් නැහැ. මේ පක්ෂය කැඩුණොත් අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මොනවාද වෙන්නේ වෙන්නේ ?“ යැයි හේ පැවසීය.


Thursday, October 6, 2016

ධීවර සංස්ථා අගෝස්තු වැටුප මාළු ආදායමෙන් ගෙවයි

ධීවර සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ පළමු වරට සංස්ථාවේ මුදලින් වැටුප ගෙවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 
ධීවර සංස්ථාවේ මාළු අලෙවියෙන් ලද ආදායම්වලින් අගෝස්තු මාසයේ වැටුප් ගෙවීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.  
මේ වසරේ මුල් මාස හතක කාලයේදී ධීවර සංස්ථාවේ වියදම් පියවූයේ මහ භාණ්ඩාගාරයෙන් ගත් මුදලින් යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි. 
ධීවර සංස්ථාවේ අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මහ භාණ්ඩාගරයෙන් ගෙන තිබූ මුදල රුපියල් ලක්ෂ 2100ක් යැයි ද පැවසේ. 
  පසුගිය ආණ්ඩුව සමයේදී ධීවර සංස්ථාවේ සියලු සේවකයන් ස්ථීර කිරීමට ගත් තීරණය නිසා නියමිතව තිබූ සේවකයන් 735 ඉක්වමින් ධීවර සංස්ථාවට ස්ථීර සේවකයන් 1100ක් පත් වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණි. 
එසේ වුවද ධීවර සංස්ථාව සේවකයන් ප්‍රමාණය 415 දෙනකුගෙන් පවත්වාගෙන යා හැකි බව අනාවරණය වූ බව ද මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර අවස්ථාවකදි කියා සිටියේය. 
සේවක අර්ථ සාධක අරමුදල් පියවීමට, ණය හා වැටුප් ආදී වියදම් පියවීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 8000ක ආසන්න මුදලක් ගත් බව ද අමරවීර මහතා එහිදි පැවැසීය.



http://www.lankadeepa.lk/index.php/articles/463385

අගමැතිගෙන් දින 1500ක සැලැස්මක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී දින 1500ක ආර්ථික සැලැස්මක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියයි.
එම සැලැස්ම ඔස්සේ ඉදිරි කාලයේදී ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලි කෙරෙනු ඇතැයි ද හේ පැවසීය.
පසුගිය කාලය පුරාවට ආණ්ඩුව යහපත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ඔහු කිවේය. 


‘ගුරුවරු ලොව වෙනස් කරති‘

මානව හිමිකම් ගැන කතා කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස භුක්ති විඳිය යුතු අතරම එය සැබෑ ලෙස තේරුම් ගැනීමත් අධ්‍යයනය කිරීමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැතිිගුරු ප්‍රතිභා ප්‍රභා’ ගුරු හා විදුහල්පති ඇගයීම් උලෙළ අමතමින් පැවසීය.
ගුරුවරයකු දඬුවම් කළ පමණින් මානව හිමිකම් ගැන කතා කරන මාපියන් ගුරුවරුන් දෙස සාධාරණව බැලිය යුතු බව ද කී ජනපති කවුරුන් කෙසේ කීවද ලෝකය, රට හා සමාජය වෙනස් කරන්නේ ගුරුවරුන් යැයි ද ලෝකය වෙනස් කිරීමේ රට හා සමාජය වෙනස් කිරීමේ මානව ශක්තිය, අයිතිය හා උරුමය හිමිවන්නේ සමස්ත ගුරු පරපුරට යැයි ද කීවේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ  අසමත් වන සිසුන්ට සිය ඉගෙනීම් කටයුතු අවසන් නොකර තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදීමට හැකි අයුරින් නව විෂය ධාරා 24කට වැඩි සංඛ්‍යාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව උත්සවය ඇමැතූ අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා අද (5) කොළඹදී පැවැසීය.
විභාග කේන්ද්‍රීය ක්‍රමයක් වෙනුවට අනාගතයේ දී  දරුවන්ට තමා දක්ෂතා දක්වන විෂයවලින් ඉදිරියට යෑමට එම ක්‍රමවේදය තුළින් අවස්ථාව සැලසෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා එහිදි කීවේය. 



සිරියානු ගුවන් ප්‍රහාර අඩු කරයි

සිරියානු රජයේ හමුදා ඇලෙපෝ නුවරට එල්ල කරන ගුවන් ප්‍රහාර සීමා කිරීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කැරැලිකරුවන්ගේ සැපයුම් ජාල සියල්ල නවතා දැමීමට හැකිවීම ඊට හේතුව යැයි ද සිරියානු රජයේ හමුදා පවසා ඇත.
ප්‍රහාර සීමා කරන කාලයේදී සිවිල් වැසියන්ට සුදුසු පරිසරයක් ඇති කිරීමට කටයුතු කරන බව ඔවුන් පවසා ඇතැයිද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
සිවිල් යුද්ධය හේතුවෙන් දහස් ගණනකට ජීවිත අහිමි වී ඇති අතර එරට ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් අවතැන් වී ඇත.


මූන්ගෙ පුටුවට හිටපු පෘතුගාල අගමැති

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ලෙස හිටපු පෘතුගාල අග්‍රාමාත්‍යවරයකු වන අන්තෝනියෝ ගුටෙරස් ලබන ජනවාරියේ සිට  පත්වීමට නියමිත බවිද ගාඩියන්‘ පුවත්පත සදහන් කරයි.
දෙසැම්බර් 31 වැනිදා සිට ධූරයෙන් සමු ගන්නා බෑන්කී මූන්ගෙන් පුරප්පාඩු වන තනතුරට ගුටෙරස්ගේ පත්කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැනටමත්  එකඟතාව පළ කර ඇති බවත්, ඒ අනුව ඉදිරි වසරේ සිට නව මහලේකම්වරයා ලෙස ඔහු ක්‍රියා කරනු ඇති බවත් සඳහන්ය.
ඒ සඳහා රුසියාව, ප්‍රංශය, බි්‍රතාන්‍යය, චීනය, ඇමෙරිකාව රටවලින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිශේධ බලය හිමි පංච මහා බලවතුන් ගේ ඒකමතික අනුමැතියද හිමිවී ඇත.
කෙසේ වෙතත් අද දිනයේ ගුටෙරස්ගේ පත්කිරීමට එකඟතාව විමසීම සඳහා ඡන්දයක් පවත්වන බවත්, ආරක්ෂක මණ්ඩලයේ බහුතරයක් දෙනා ඔහු පත් කිරීමට දැඩි සහායක් ලබා දෙන  බවත් රුසියා නියෝජිත විටලි චූර්කින් පවසා තිබේ.
67 හැවිරිදි ඇන්ටෝනියෝ ගුටෙරස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සි කාර්යාලයේ ප්‍රධානියා ලෙස වසර 10ක පමණ කාලයක් සේවය කර තිබේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ අවසන් යුද ගැටුම් පැවැති සමයේදී අවස්ථා කිහිපයකදීම ගුටරෙස් මෙරට සංචාරය කර ඇත. එම සංචාර වලදී මෙරට යුද්ධයෙන් අවතැන්වූ ජනතාව ඔහු ගේ අවධානයට ලක් විය.
බැන් කී මූන්ගෙන් පසුව ලබන ජනවාරියේ සිට පෘතුගාලයේ හිටපු අගමැති අන්තෝනියෝ ගුටෙරස් මීළඟ ජගත් මහ ලේකම් පදවියට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ක්ෂණික තීරණයකට හිටිගමන් එළැඹි බව ගාඩියන් පත්‍රය කියයි.
1949 ලිස්බන් නුවරදී ඉපදුණු ගුටෙරස් 1971 දී ඉංජිනේරු විද්‍යාවෙන් හා භෞතික විද්‍යාවෙන් උපාධිය දිනා ගත්තේය. ඔහු 1974 දී පෘතුගාලයේ සමාජවාදී පක්ෂයට බැඳුණේය. 50 වසරක් පුරා පෘතුගාලයේ පැවැති ඒකාධිපති පාලනය ද 1974 දී නිමවිය. ඉන්පසු ඔහු පූර්ණකාලීනව දේශපාලනයට පිවිසියේය. 1995 දී සමාජවාදී පක්ෂයේ මහ ලේකම් වූ ඔහු පෘතුගාල අගමැති ලෙස පත්විය. 2002 දක්වා ඔහු පෘතුගාලයේ අගමැති ධූරය දැරීය.
පෘතුග්‍රීසි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ සහ ප්‍රංශ භාෂා පිළිබඳ හසල දැනුමක් ඔහු සතුවන අතර 2005 දී ඔහු එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් ධූරයට පත්විය. 67 වැනි වියේ පසුවන ගුටෙරස්ට සිය පළමු විවාහරයෙන් දරුවන් දෙදෙනකු සිටින අතර ඔහුගේ මුල් බිරිය 1998 දී මිය ගියාය. ඔහු 2001 දී සිය දෙවැනි විවාහයට එළැඹීයේය.



Tuesday, October 4, 2016

මෝදිට තර්ජනාත්මක පණිවිඩයක් ගෙනා පරෙවියෙක් අල්ලලා

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට තර්ජනය කෙරෙන පණිවිඩයක් රැගත් පරෙවියකු අල්ලා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්වී ඇත. 

මෙම පරෙවිය පාකිස්තානයෙන් පැමිණෙන්නට ඇතැයි ද ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි. ඉන්දීය දේශ සීමා ආරක්ෂකයන් විසින් මෙම පරෙවියා අල්ලාගෙන ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේිබාමියල්’ යනුවෙන් හැඳින්වෙන කොටසේදීය. 

“අගමැති මෝදි, 1971 (ඉන්දු - පාකිස්තාන) යුද සමයේ සිටි අය ලෙස අප පිළිගන්නේ නැහැ. අද සෑම දරුවෙක්ම ඉන්දියාවට විරුද්ධව සටන් කිරීමට සූදානම්” යනුවෙන් උර්දු බසින් එම පණිවිඩයේ සඳහන්ව තිබී ඇත. 

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ඉන්දීය පොලිස් පරීක්ෂකවරයකු වන රමේෂ් කුමාර් පැවැසීය.

මේ වනවිටත් ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින කොටසේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය සෙබළු 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පසුගිය බ්‍රහස්පතින්දා පාකිස්තාන සෙබළු දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය. 



මෙවර වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ජපානයට

මෙම වසරේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ජපාන භෞතචිකිත්සකවේදී යොෂිනෝරී ඔෂුමිට හිමිවනු ඇතැයි නොබෙල් කමිටුව පවසයි.
සෛල සනීපාරක්ෂිතව තබා ගැනීමට හඳුන්වා දී ඇති ක්‍රමවේදය වෙනුවෙන් යොෂිනෝරී ඔෂුමිට වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් තෑග්ග මෙම වසරේ හිමි වන බව නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් පවසා ඇතැයි ද වාර්තා වේ.
පිළිකා රෝග සහ පාකින්සන් රෝගී තත්ත්වයන් වෙනුවෙන් යොෂිනෝරී ඔෂුමි ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම නව ක්‍රමවේදය යොදා ගත් බවත්, එයින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි වී ඇති බවත් වාර්තා වේ.


උතුරු මහ ඇමැතිගේ ප්‍රකාශයට බටහිරින් විරෝධය

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඉකුත් දිනෙක කළැයි කියන ජාතිවාදි ප්‍රකාශ හෙළා දැකිය යුතු බවට බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වූ යෝජනාව අද (4) ඒකමතිකව සම්මත විය. 
සී වී විග්නේෂ්වරන් මහතා පසුගිය දිනෙක ජාතිවාදී ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවටත් පවසමින් බස්නාහිර පළාත් එජනිස මන්ත්‍රී මෙරිල් පෙරේරා  මහතා එම යෝජනාව ඉදිරිපත් ළේය.
එම යෝජනාව සඳහා සාකච්ඡාවට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා රීති අත්හිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අතර  රීති අත්හිටුවමින් මෙලෙස යෝජනාවක් ගෙන ආ විට එය මාස හයක් යනතෙක් සාකච්ඡා නොකළ හැකි බව පවසමින් බස්නාහිර පළාත් ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ප්‍රථමයෙන්ම රීති අත්හිටුවීමේ යෝජනාවට විරුද්ධ විය. සී.වී විග්නේෂ්වරන් මහතා තමා ජාතිවාදි ප්‍රකාශ නොකළ බවත් ඔහු ඒ සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් කර ඇති බැවිනුත් මෙවැනි යෝජනාවක් ගෙන ඒම හෝ එවැන්නක් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පවසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් එජාප මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා රීති අත්හිටුවීමේ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.  
ඒ අනුව මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාව ගැනීම තීරණය කිරීමට පෙර රීති අත්හිටුවීමේ යෝජනාවට ඡන්ද විමසීමක් පැවැත්වුණි.   ඡන්ද විමසීමේදී රීති අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 38ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 30ක් ලැබුණි. ඒ අනුව මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාවට ගැනීම සඳහා අවශ්‍ය රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත විය. 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු රීති අත්හිටුවීමේ යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළහ.   රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත වූ පසු එක්සත් ජාතික පක්ෂයේ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගිය අතර මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාවට ගැනුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විවාදයට එක්වූහ. විවාදයෙන් පසු ඡන්ද විමසීමක් නොපැවැත්වුණු අතර මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව ඒකමතිකව සම්මත විය.




Monday, October 3, 2016

ඉරාක ත්‍රස්ත නායකයෝ 18ක් ගුවන් ප්‍රහාරවලින් මියයති.

ඇමෙරිකා එක්සත් ජනපදය හා ඔවුන්ගේ රටවල් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පසුගිය දින 30ක කාලයේදී අයි.එස් ත්‍රස්ත නායකයන් 18 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. එයින් 13 දෙනකු මියගොස් ඇත්තේ ඉරාකයේ මොසුල් හිදීය. මොසුල් යනු අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ තිබෙන ප්‍රධානම නගරය යැයි ද පැවසේ. 

ඉරාක හමුදාවල සහයට තවත් භට කණ්ඩායම් 600ක් යැවීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සතිය ආරම්භයේදී ප්‍රකාශ කළේය. මේ වනවිටත් මොසුල් නගරය බේරාගැනීම සඳහා ඉරාක හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. කෙසේ නමුත් අයි.එස් ත්‍රස්තයන්ගෙන් නගර මුදා ගැනීමේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ ඉරාක හමුදා පමණක් යැයි එරට හමුදාවේ නිලධාරීහු පැවැසූහ. ඇමෙරිකාවේ සහාය ගන්නේ බුද්ධි අංශ කටයුතු, පුහුණු කිරීම් ආදියට පමණක් යැයි ඉරාක නිලධාරීහූ ප්‍රකාශ කර තිබුණි. ලොවටම තර්ජනයක් වී තිබෙන අයි.එස් ත්‍රස්ත සංවිධානය ඉරාකයේ හා සිරියාවේ බොහෝ තැන්වල පාලනය තමන් සතු කරගෙන තිබුණද ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ බලය පසුගිය කාලයේදී ක්‍රමයෙන් අඩුවිය. 

පසුගිය කාලයේදී අයි.එස් ත්‍රස්තයන් 3000ත් 4500ත් අතර පිරිසක් මොසුල් නගරය හැර ගොස් ඇති බවත් එල්ල වන ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තයන්ට නගරවලට ඇතුළුවීමට නොහැකි වී ඇතැයි පැවසේ. 

ගුවන් ප්‍රහාරවලට හා ඉරාක හමුදාවලට සහය දීම සඳහා ඇමෙරිකා භට කණ්ඩායම් 4,565ක් පමණ මේ වනවිට ඉරාකයේ සිටින අතර ඔවුන් ඉරාක හමුදා පුහුණු කිරීමේ කටයුතුවල ද නිරතව සිටිති.




පලස්තීන ජනපති අද ඊශ්‍රායලයට

ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය සීමොන් පෙරෙස් අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් ජෙරුසලෙමට යනු ඇතැයි එරට බලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි. 

මෙය ඉතා දුර්ලභ සිදුවීමක් වනු ඇතැයි ද පලස්තීන නායකයා අද (30) ජෙරුසලෙමට පැමිණෙන ඇතැයි ද එම වාර්තාවල දැක්විණි. මෙම අවස්ථාවට අතට අත දීමකින් පමණක් අවසන් වනු ඇත් ද නැතහොත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හා පලස්තීන නායකයා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇත්ද යන පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා නොවීය. 

මෙම අවමංගල්‍ය උත්සවයට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ද සහභාගී වීමට නියමිතය. සීමොන් පෙරෙස් අභාවප්‍රාප්ත වූයේ බදාදා (28) දිනයේදීය. ඔහු  1990 දශකයේදී පලස්තීනය හා ඊශ්‍රායලය අතර සාමය ඇති කිරීම සඳහ කළ මෙහෙය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යගයෙන් ද පිදුම් ලැබීය. 

කෙසේ වෙතත්  ඊශ්‍රායල හා පලස්තීන අතර තිබෙන විරසකය හේතුවෙන් අබ්බාස් ඊශ්‍රායලයට යන තෙක් කිසිවක් නිශ්චිත නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ නමුත් පලස්තීන නායකයා ඊශ්‍රායාලයට යෑමට සැලසුම් කර ඇතැයි පලස්තීන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් මේ සම්බන්ධනේ නිල නිවේදනයක් නිකුත් කර නොතිබිණි.





ඇමෙරිකාව සිරියානු ජනපති ඉවත් කරන්න හදනවා - රුසියාවෙන් චෝදන

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඇමෙරිකාව ජිහාද් කණ්ඩායමක් ආරක්ෂා කරමින් සිටින බව බී.බී.සි පුවත් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පවසා ඇත. 

මැදහත් මතධාරී කැරැලිකරුවන්ගෙන් ශක්තිමත් අල් නුස්රා පෙරමුණ ඇතුළු අනෙකුත් අන්තවාදී කණ්ඩායම් වෙන් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය දුන් පොරොන්දුව කඩ කර ඇතැයි ද රුසියා විදේශ අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර ඇත. 

එමෙන්ම ඇලෙප්පෝ නගරයට එල්ල වූ ප්‍රහාර සාධාරණීය කිරීමට ද ඔහු එහිදි කටයුතු කළේය.  

ජබාත් ෆටා අල් ෂාම් හෙවත් අල් නුස්රා පෙරමුණ අල්කයිඩා සම්බන්ධිත සංවිධානයකි. 

රුසියාව සිරියාවේ ප්‍රහාර වසරක් සම්පූර්ණ වන්නේ සැප්තැම්බර් 30 වැනිදාටය.  

“අන් නුස්රා පෙරමුණෙන් මැදහත් විපක්ෂ කණ්ඩායම් බෙදා වෙන් කිරීමේ වගකීම ඇමෙරිකාව බාරගත්තා. එහෙත් තවමත් ඔවුන් එය කරන බවක් නැහැ” රුසියා විදේශ අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී තවදුරටත් පවසා ඇත.






රුසියානු යුද ගුවන් යානා ගැන ඇමෙරිකාවේ අකැමැත්ත

රුසියාව සිරියාවට තව තවත් යුද ගුවන් යානා යවනු ඇතැයි රුසියාවේ පුවත්පතක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.
ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් රුසියාව සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට තීරණයක් ගෙන නැතැයිද ඇමෙරිකාව සඳහන් කරයි.
සිරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව එක ප්‍රතිපත්තියක් ද රුසියාව තව ප්‍රතිපත්තියක් ද දැරීම නිසා දෙරට අතර මතභේද හටගෙන ඇත.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි සහ රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව් රෝව් අතර දිගින් දිගටම දුරකතන සංවාද පැවැති බවද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.





ඇලෙපෝ ගුවන් ප්‍රහාර නවතන්න - ගල්ෆ් සහයෝගිතාව ඉල්ලයි

සිවිල් වැසියන් දහස් ගණනකට මරු කැඳවමින් සිරියාවේ ඇලෙපෝ නරගයට එල්ල කෙරෙන ගුවන් ප්‍රහාර නවතා දැමීමට මැදිහත් වන්නැයි සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුතු ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි. 

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය සෞදි අරාබියාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, බහ්රේනය, කටාරය, කුවෙට් සහ ඕමානය යන රටවලින් සමන්විතය.  මෙම රටවල් සියල්ල සුන්නි මුස්ලිම්වරු බහුතරයක් සිටින රටවල්ය. සිරියානු රජය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ඇලෙපෝ නගරයට ප්‍රහාර එල්ල කරන බවට එම රටවල් චෝදනා කරයි. 

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයත් කඩිනමින් මීට මැදිහත් විය යුතු බව ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය ප්‍රකාශයක් නිකුත් කර ඇතැයි සෞදියේ රාජ්‍ය පුවත් සේවය වාර්තා කර ඇත. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත. 

සිරියාව රුසියාවේ ද සහාය ඇතිව ගුවන් ප්‍රහාර එල්ල කරන අතර එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයන බව ට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහි පිරිස් චෝදනා කරති. එහෙත් ප්‍රහාර එල්ල කරන්නේ ත්‍රස්තයන් ඉලක්ක කරගෙන බව සිරියානු ජනාධිපතිවරයාගේ හිතවත් පාර්ශව මෙන්ම රුසියාව ද පවසා සිටියි. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහි කැරැල්ල ආරම්භ වූයේ 2011 වසරේදීය. එය මේ වනවිට සිවිල් යුද්ධයක් දක්වා දිග්ගැස්සි ගොසිනි. 








ප්‍රහාර නවතා විසඳුමක් සොයන්න ඇමෙරිකාව රුසියාවට කියයි

රුසියාව ද ඇතුළුව සිරියානු රජයේ මිත්‍ර පාර්ශව සෙනසුරාදා (1) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් රෝහලක් විනාශ වී ඇතැයි කැරැලිකරුවෝ හා සහන සේවකයෝ චෝදනා කරති. එම ප්‍රහාරවලින් ඇලෙප්පෝ නරගයේ ප්‍රධාන රෝහල විනාශ වී ඇතැයි ද රෝගීන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ඔවුහු තවදුරටත් පවසති. 

මෙම ප්‍රහාර නවතා දමා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කෙරෙහි අවධානය යොමු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය නැවත වරක් රුසියාවට අවධාරණය කර ඇති අතර රුසියාවේ මැදිහත් වීම මේ වනවිට ඇමෙරිකාව කනස්සල්ලට හේතු වී ඇත. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාව හා ඇමෙරිකාව අතර පසුගිය කාලය පුරාවට පැවැති සාකච්ඡා සියල්ල විසඳුමකින් තොරව අවසන් වූ අතර රුසියාව ඇලෙප්පෝ නුවරට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාව ඇමෙරිකා අමනාපමකම් වැඩි ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

රුසියාව ඇතුළු සිරියා රජයේ මිත්‍ර පාර්ශව සෙනසුරාදා දිනයේ ප්‍රහාර එල්ල කර ඇත්තේ කැරැලිකරුවන්ගේ ප්‍රධාන සැපයුම්මාර්ග ඉලක්ක කරගෙනය. 

රුසියානු ජෙට් යානා හා සිරියානු හෙලිකොප්ටර් මිසයිල ප්‍රහාර හතක් එල්ල කර ඇතැයි ද මෙම ප්‍රහාරවලින් රෝගීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 13 දෙනකු තුවාල ලැබූ බව ඇමෙරිකා සහන සංවිධානයක් ප්‍රකාශ කර ඇත. 

රුසියානු හා සිරියානු -ගුවන් ප්‍රහාරවලින් රෝහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාර්තා වන අතර ප්‍රහාරය සම්බන්ධයෙන්ම ප්‍රංශය හා ජර්මනිය එසැණින්ම සිය විරෝධය පළ කර ඇතැයි ද වාර්තා වේ. වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන් මාර්ක් පවසා ඇත. ඇලෙප්පෝ නුවර සිදුවන බෝම්බ පිපිරීම් කෙසේ හෝ නැවැත්විය යුතු බවත් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන කිසිවෙක් රෝහල්වලට ප්‍රහාර එල්ල නොකරන බව ජර්මානු විදේශ අමාත්‍ය ෆ්‍රෑන්ක් වෝල්ටර් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත. 

රුසියාව සිදු කරන කටයුතු ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වන ඒවා නොවන බවත් එම ප්‍රහාර මිලේච්ඡත්වය පිළිඹිඹු කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කර තිබෙන ඇමෙරිකා නියෝජිතයා පසුගිය සතියේ චෝදනා කළේය. 

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අතර මේ වනවිටත දුරකතන සංවාද කිහිපයක් පවත්වා ඇති අතර තත්ත්වය පාලනය කිරීමට රුසියාව අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

කෙසේ වෙතත් මැදහත් පාර්ශව හා ත්‍රස්තවාදීන් වෙන් කිරීමට ඇමෙරිකාව අපොහොසත් වී ඇතැයි රුසියා විදේශ අමාත්‍යවරයා පසුගිය දිනෙක චෝදනා කළේය. ත්‍රස්ත සංවිධානයක් ලෙසින් හැඳින්වෙන අල් නුස්රා පෙරමුණ සැප්තැම්බර් 9 වැනිදා රුසියා ඇමෙරිකා සටන් විරාමය කඩ කළ බවට ද රුසියාව චෝදනා කරයි. 








පලස්තින ජනපති ඊශ්‍රායලයට ගියාට පලස්තීනයෙන් දොස්

පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් ඊශ්‍රායලයේ හිටපු ජනාධිපති හා අගමැති සීමොන් පෙරෙස්ගේ අවමංගල උත්සවයට සහභාගිවිම පලස්තින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

සීමොන් පෙරෙස්ට පලස්තීනුවන් සමග ලේ තැවරුණු ඉතිහාසයක් තිබූ නිසා පලස්තින ජනාධිපතිවරයා ඔහුගේ අවමඟුල් උත්සවයට සහභාගිවිම ගැන පලස්තින ජනතාව තුළ විශාල කෝපයක් පැන නැගී ඇතැයි හමාස් සංවිධානය නියෝජනය කරන මොෂීර් අල් මස්රි නම් එම මන්ත්‍රීවරයා කියා සිටියි.



ඇලෙපෝ ගුවන් ප්‍රහාර නවතන්න - ගල්ෆ් සහයෝගිතාව ඉල්ලයි

සිවිල් වැසියන් දහස් ගණනකට මරු කැඳවමින් සිරියාවේ ඇලෙපෝ නරගයට එල්ල කෙරෙන ගුවන් ප්‍රහාර නවතා දැමීමට මැදිහත් වන්නැයි සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුතු ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි. 

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය සෞදි අරාබියාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, බහ්රේනය, කටාරය, කුවෙට් සහ ඕමානය යන රටවලින් සමන්විතය.  මෙම රටවල් සියල්ල සුන්නි මුස්ලිම්වරු බහුතරයක් සිටින රටවල්ය. සිරියානු රජය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ඇලෙපෝ නගරයට ප්‍රහාර එල්ල කරන බවට එම රටවල් චෝදනා කරයි. 

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයත් කඩිනමින් මීට මැදිහත් විය යුතු බව ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය ප්‍රකාශයක් නිකුත් කර ඇතැයි සෞදියේ රාජ්‍ය පුවත් සේවය වාර්තා කර ඇත. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත. 

සිරියාව රුසියාවේ ද සහාය ඇතිව ගුවන් ප්‍රහාර එල්ල කරන අතර එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයන බව ට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහි පිරිස් චෝදනා කරති. එහෙත් ප්‍රහාර එල්ල කරන්නේ ත්‍රස්තයන් ඉලක්ක කරගෙන බව සිරියානු ජනාධිපතිවරයාගේ හිතවත් පාර්ශව මෙන්ම රුසියාව ද පවසා සිටියි. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහි කැරැල්ල ආරම්භ වූයේ 2011 වසරේදීය. එය මේ වනවිට සිවිල් යුද්ධයක් දක්වා දිග්ගැස්සි ගොසිනි. 


Wednesday, September 28, 2016

මාධ්‍ය ආයතනත් මාධ්‍ය නිදහස රකින්න ඕනෑ‘

නිදහස් මාධ්‍යයට ඉඩදීමට රජය, දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් බැඳී සිටින අතරම නිදහස් මාධ්‍ය සුරක්ෂිත කරමින්, සිය වගකීම් හා යුතුකම් අවංකව ගෞරවයෙන් ඉටු කිරීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලූ දෙනා වගකීමෙන් බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද (28) පැවැසීය.
තොරතුරු දැනගැනීමේ පනත සම්මතවී ඇති හෙයින් පුරවැසියන්ට හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී බලය තහවුරු කිරීමට රජය, රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍ය හා සියලූ පාර්ශව ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා පුරවැසියන්ගේ අයිතිය තහවුරු කිරීමට සියලූ පාර්ශව එක්විය යුතු බව ද පෙන්වා දුන්නේය. 
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීවිශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ පනත හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ‘ යන මැයෙන් පළමු වරට පැවැති ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු කීය.
‘තොරතුරු දැනගැනීම සෑම පුරවැසියකුගේම අයිතියක්. සෑම පුරවැසියකුගේ මානව අයිතිවාසිකමක්. සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳ හඬ නැගුවත් පැවැති ආණ්ඩුවලට එය ඉටු කිරීමට නොහැකි වුණා. එම අසමත්වීම්, අතපසුවීම් නොසලකා හරිමින් අපේ ආණ්ඩුවට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීමට හැකියාව ලැබුණා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීම දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස  පෙන්වා දිය හැකියි.ි‘
සමුළුවේ සමාරම්භක උත්සවය ඇමතූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය.
‘ජනාධිපතිවරයා මහජන ජනවරමක් ඉල්ලන අවස්ථාවේදී, තොරතුරු දැනගැනීමේ පනත ජනතාවට හිමි කරදෙන බව අපි ප්‍රකාශ කළා. ඒ අනුව ජනවරම ලැබීමෙන් පසු පනත සම්මත කිරීමට අපට හැකියාව ලැබුණා.
එහෙත් කනගාටුවට කරුණක් තිබෙනවා. අපි මුලින්ම මේ පනත ගෙනාවේ 2001 වසරේදී. එවකට එවැනි පනතක් ගෙනාපු පළමු දකුණු ආසියා  රට අපියි. එහෙත් අපි මේ පනත සම්මත කළේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළ අවසන් දකුණු ආසියා  රට ලෙසයි.
ඉන්දියාව ඇතුළු ලොව බොහෝ රටවල තොරතුරු දැනගැනීමේ පනතක අවශ්‍යතාව මතු කරන ලද්දේ ජනතාවයි. එහෙත් අපේ රටේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න මූලිකව බල කළේ විපක්ෂයයි. කෙසේ නමුත් අද අපට සතුටු විය හැකි තත්ත්වයක් උදා වෙලා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් මේ පනත සම්මත කිරීමට හැකියාව ලැබීම ගැන අපිට සතුටු විය හැකියි.ි‘


Friday, September 2, 2016

‘ජගත් සංවිධානය ලංකාවෙන් පාඩම් රැසක් ඉගෙනගත්තා‘

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් පාඩම් රැසක් උගත් බව මෙරට තෙදින නිල සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් අද (2) පැවැසීය.
රුවන්ඩාව, ශ්‍රී ලංකාව හා ස්‍රෙබනීසා (බොස්නියන් යුද්ධයේ දී ස්‍රෙබනීසා නගරයේ සිදුවූ මුස්ලිම් ජන සංහාරය) හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අසමත් වීම් නිසා මනුෂ්‍ය ජීවිත රැසක් අහිමි වූ බවත් ඉදිරි අනාගතයේ දී අසමත් නොවී මනුෂ්‍ය ජීවිත රැක ගැනීමට ඇප කැපවී කටයුතු කරන බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කීවේය. 
කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති “තිරසර සාමයක් කරා - තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම” යන තේමාව යටතේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කරමින් මූන් එම කරුණු කීවේය. 
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම, තොරතුරු දැනගැනීමේ පනත, මානව හිමිකම් ආදී කරුණුවලදී ශ්‍රී ලංකාව ඉදිරි පියවර තබා ඇතැයි ද ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ආණ්ඩුවට පමණක් නොව ක්‍රියාකාරී සිවිල් සමාජයට ද එහි ගෞරවය හිමිවිය යුතු බව ද ඔහු කීය.



#හර්ෂණ #ලංකාදීප #එක්සත්ජාතීන්ගේසංවිධානය #ආණ්ඩුව #මානවහිමිකම් #මූන්


Thursday, August 4, 2016

ලංකාවේ කෙලවල්ලාට ලෝකයේ ලොකු තැනක්

ශ්‍රී  ලංකා ටුනා  හෙවත් කෙළවල්ලා නමින්  ලොවට හඳුන්වාදීමට  කටයුතු  කරන බව ධීවර ඇමැති  මහින්ද මහතා  කියයි.
වෙනත්  රටවල්  ලංකාවේ  මාළු අලෙවි කරනවා. ලොව හොඳම මාළු තිබෙන්නේ අපේ මුහුදේ. ඒ  නිසා  ජාත්‍යන්තර වෙළඳපොළේ  වැඩි ඉල්ලු‍මක්  තිබෙන්නේ  අපේ  කෙලවල්ලන්ට  බව ඔහු  පවසයි.

‘ශ්‍රීලනිප නායකයන් සිරිකොත මැණික රකින නාගයන් නොවිය යුතුයි‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සිරිකොත මැණික රකින නාගයන් නොවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (3) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මව වන සිරිමාවෝ මැතිනියගේ සොහොන ළඟදී ඊට ගෞරව  දැක්වූ පිරිසෙන් යමකු පක්ෂ කාර්යාලයට හූ කීවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් අභ්‍යන්තර සාකච්ඡාවක් කළ යුතු බව ද ඔහු කීය. 
මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බව කී අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කෑමට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද කීය. 


http://www.lankadeepa.lk/index.php/articles/444023

‘ධීවර සංස්ථාව ගැන මේ සතියේ තීරණයක්’

ධීවර සංස්ථාව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස පවත්වාගෙන යෑමට යෝජනාවක් ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා අද (4) පැවැසීය.
ධීවර සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද පිළිබඳව මේ සතිය අවසන් වීමට පෙර තීරණයක් ගන්නා බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර පැවැසීය. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව සැකසෙමින් පවතින බවත් එය ලබන සතියේදී අමාත්‍ය මණ්ඩල හමුවට යොමු කරන බවත් ඇමැති සඳහන් කළේය.


‘ධීවර ගැටලුවට සාකච්ඡා කර විසඳුමක් දෙනවා‘

ධීවර ගැටලු‍ව සම්බන්ධයෙන්  ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති සමඟත් අමාත්‍ය මණ්ඩලය හා ධීවර ප්‍රජාව නියෝජනය කරන පාර්ශව සමඟත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. 
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම නිසා ඇති ව තිබෙන අර්බුදයට ස්ථීර පිළියමක් සෙවීමට එරට විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ඇතුළු අමාත්‍යවරු පිරිසක් එරට ධීවර නියෝජතයන් සමඟ පවත්වා ඇති සාකච්ඡා සම්බන්ධයෙන් කළ විමසුමකදී අමාත්‍යවරයා එසේ කීය.
ඉන්දියාවට පැමිණ මේ පිළිබඳ සාකච්ඡා කරන්නැයි තමාට විදේශ අමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය පිරිසක් ආරාධනා කර ඇතැයි ද ඒ අනුව මේ මස අගදී තමන් ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන බව ද අමරවීර මහතා කීය. 


http://www.lankadeepa.lk/index.php/articles/444141

Tuesday, August 2, 2016

‘අතීත පාඩම් ඉගෙනගෙන ධීවර සංස්ථාව රැකගත යුතුයි‘

“මේ රටේ වගේ අට ගුණයක විශාල මුහුදක් අපට තිබෙනවා. මේ මුහුදේ මත්ස්‍ය සම්පත බහුලයි. විදේශ විනිමය ඇතුළු අපට මෙයින් විශාල ආදායමක් ලැබිය හැකියි. දෙලක්ෂයක ධීවර ජනතාවක් ජීවත්වන්නේ ධීවර කර්මාන්තයෙන්. මේ සියල්ල නියාමනය කළ යුත්තේ ධීවර සංස්ථාවයි. එහෙත් එය සිදු වූයේ නැහැ. ඒ නිසා අතීත පාඩම් ඉගෙන ගෙන ධීවර සංස්ථාව රැකගෙන ඉදිරියට යා යුතුයි” යැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසීය.
ධීවර අමාත්‍යාංශය, ධීවර සංස්ථාව ඇතුළු අනුබද්ධිත ආයතනවලට පසුගිය කාලය පුරාවටම අත්තනෝමතික ලෙස පත්වීම් සිදු කළ බවත් දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ලාභ ලැබිය හැකි ව තිබූ ආයතනයක් පාඩු ලබා වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 


නැදුන්ගමුවේ ඇතාට විශේෂ ආරක්ෂාවක්

දළඳා පෙරහරට සහභාගී වීම සඳහා නුවරට යන නඳුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා උපදෙස් දී ඇත. 
මෙරට බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන දළදා පෙරහැරේ කරඬුව වඩමවන්නේ නඳුන්ගමුවේ රාජා ඇතාය. එම හස්තිරාජයා වනවිටත් නුවරට යෑම සඳහා ගමන් අරඹා ඇති අතර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ගමන් රථයක් හා හමුදා ආරක්ෂාවක් දීමට කටයුතු යොදා ඇත. 
මේ පිළිබඳව ඇමැතිවරයා පොලිස්පතිවරයාට හා හමුදාපතිවරයාට පෞද්ගලිකව දැනුම් දී ඇති අතර ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා පශු වෛද්‍ය කණ්ඩායමක් මහනුවරට යවන ලෙස ද උපදෙස් දී ඇතැයි කියති. 

Sunday, July 31, 2016

ජනමාධ්‍ය විශිෂ්ටයන් ඇගයීම අඟහරුවාදා

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල අඟහරුවාදා (2) ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙවර එම සම්මාන උළෙල පැවැත්වෙනුයේ 17 වැනි වරටය.

කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන මෙම උළෙලේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය වසරක කාලයක් තුළ දී දක්ෂතා පෙන්වූ විශිෂ්ටයන්ට අංශ 14ක් යටතේ සම්මාන ලබාදීමට නියමිතය. වසරේ ජනමාධ්‍යවේදියා, ගවේෂණාත්මක මාධ්‍යවේදියා, වසරේ හොඳම පරිසර මාධ්‍යවේදියා, ක්‍රීඩා මාධ්‍යවේදියා, හොඳම තරුණ මාධ්‍යවේදියා, හොඳම ඡායාරූප මාධ්‍යවේදියා ආදී අංශ ගණනාවක් ඊට ඇතුළත්ය.

එහිදී ජීවිත කාලයට එක්වරක් පමණක් හිමිවන ඩී.ආර්.විජයවර්ධන සම්මානය මෙවර හිමිකරගන්නා ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් පස් දෙනෙකි.

නෙවිල් ද සිල්වා

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් (ලේක්හවුස්) සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද නෙවිල් ද සිල්වා මහතා පසුකාලීනව එහි ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් ද හෙබවීය. නෙවිල් ද සිල්වා මහතාිනිව් යෝක් ටයිම්ස්‘,ික්‍රිස්ටියන් සයන්ස් මොනිටර්‘,ිද ගාඩියන්‘,ිලෙ මොන්ද්’, ිඒෂියන් වෝල් ස්ටී්‍රල් ජර්නල්‘,  ඒ.එෆ්.පී (ප්‍රංශ පුවත් සේවය) ආදී විදෙස් මාධ්‍ය කිහිපයක වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු දැනට විජය පුවත්පත් සමාගමේිද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට නිරන්තරයෙන් ලිපි සපයයි.

පියසේන ඉහළවිතාන

පියසේන ඉහළවිතාන මහතා දිගුකලක් තිස්සේ ස්වාධීන පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලදිදවස’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය. ලේක්හවුස් පුවත්පත් සමාගමේිදිනමිණ’ පුවත්පතට එක්වීමට පෙර ඉහළවිතාන මහතාිදවස’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය ද හෙබවීය. ඉන්අනතුරුව ඔහු ලීඩර් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කරනිඉරුදින‘ පුවත්පතට එක් වූ අතර 2012 වසර ඉහළවිතාන මහතා එම පුවත්පතේ ප්‍රධාන උප කර්තෘවරයා ලෙස සේවය කළේය.

වීරගති තනබාලසිංහම්

වීරගති තනබාලසිංහම් මහතා 1977 දීිඑක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් සිලෝන්’ සමාගම ප්‍රකාශයට පත් කරනිවීරකේසරි’ පුවත්පතේ සෝදුපත් බලන්නකු ලෙස එක් වූ ඔහු වසර විස්සකට ආසන්න කාලයක්ිවීරකේසරි’ පුවත්පතේ සේවය කළේය. ඔහු 1997 දීිතිනකුරල්’ පුවත්පත ආරම්භ කිරීම සඳහා සහයෝගය දැක් වූ අතර එහි සමාරම්භක කර්තෘවරයා ලෙස පත්විය.

සරත් මලලසේකර

සරත් මලලසේකර ලේක්හවුස් පුවත්පත් සමාගම ප්‍රකාශයට පත් කරනිඬේලි නිව්ස්’ හාිසන්ඬේ ඔබ්සවර්’ යන පුවත්පත්වල උසාවි වාර්තාකරුවකු ලෙස සේවය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. මලලසේකර මහතාගේ අධිකරණ වාර්තා සිංහල භාෂාවට ද පරිවර්තනය කෙරුණු අතර ඒවා ලේක්හවුස් පුවත්පත් සමාගමේ ම ප්‍රකාශන වනිදිනමිණ’ හාිසිළුමිණ’ යන පුවත්පත්වල පළවිය.

ප්‍රේමසිරි අබේසිංහ

ිසියරට’ පුවත්පතෙන් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ප්‍රේමසිරි අබේසිංහ ශ්‍රී ලංකාවේ පැරැණිතම පුවත්පතක් වනිසිංහල බෞද්ධයා’ පුවත්පතේ ද සේවය කළේය. ප්‍රේමසිරි අබේසිංහ මහතා 1977 දී උප කර්තෘවරයකු ලෙසිදිනමිණ’ පුවත්පතට එක් වූ අතර පසුකාලීනවිබුදුසරණ’ පුවත්පතේ කර්තෘවරයා ලෙස පත්විය.


http://www.lankadeepa.lk/index.php/articles/442663