ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල අඟහරුවාදා (2) ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙවර එම සම්මාන උළෙල පැවැත්වෙනුයේ 17 වැනි වරටය.
කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන මෙම උළෙලේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය වසරක කාලයක් තුළ දී දක්ෂතා පෙන්වූ විශිෂ්ටයන්ට අංශ 14ක් යටතේ සම්මාන ලබාදීමට නියමිතය. වසරේ ජනමාධ්‍යවේදියා, ගවේෂණාත්මක මාධ්‍යවේදියා, වසරේ හොඳම පරිසර මාධ්‍යවේදියා, ක්‍රීඩා මාධ්‍යවේදියා, හොඳම තරුණ මාධ්‍යවේදියා, හොඳම ඡායාරූප මාධ්‍යවේදියා ආදී අංශ ගණනාවක් ඊට ඇතුළත්ය.
එහිදී ජීවිත කාලයට එක්වරක් පමණක් හිමිවන ඩී.ආර්.විජයවර්ධන සම්මානය මෙවර හිමිකරගන්නා ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් පස් දෙනෙකි.
නෙවිල් ද සිල්වා
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් (ලේක්හවුස්) සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද නෙවිල් ද සිල්වා මහතා පසුකාලීනව එහි ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් ද හෙබවීය. නෙවිල් ද සිල්වා මහතාිනිව් යෝක් ටයිම්ස්‘,ික්‍රිස්ටියන් සයන්ස් මොනිටර්‘,ිද ගාඩියන්‘,ිලෙ මොන්ද්’, ිඒෂියන් වෝල් ස්ටී්‍රල් ජර්නල්‘, ඒ.එෆ්.පී (ප්‍රංශ පුවත් සේවය) ආදී විදෙස් මාධ්‍ය කිහිපයක වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු දැනට විජය පුවත්පත් සමාගමේිද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට නිරන්තරයෙන් ලිපි සපයයි.
පියසේන ඉහළවිතාන
පියසේන ඉහළවිතාන මහතා දිගුකලක් තිස්සේ ස්වාධීන පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලදිදවස’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය. ලේක්හවුස් පුවත්පත් සමාගමේිදිනමිණ’ පුවත්පතට එක්වීමට පෙර ඉහළවිතාන මහතාිදවස’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය ද හෙබවීය. ඉන්අනතුරුව ඔහු ලීඩර් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කරනිඉරුදින‘ පුවත්පතට එක් වූ අතර 2012 වසර ඉහළවිතාන මහතා එම පුවත්පතේ ප්‍රධාන උප කර්තෘවරයා ලෙස සේවය කළේය.
වීරගති තනබාලසිංහම්
වීරගති තනබාලසිංහම් මහතා 1977 දීිඑක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් සිලෝන්’ සමාගම ප්‍රකාශයට පත් කරනිවීරකේසරි’ පුවත්පතේ සෝදුපත් බලන්නකු ලෙස එක් වූ ඔහු වසර විස්සකට ආසන්න කාලයක්ිවීරකේසරි’ පුවත්පතේ සේවය කළේය. ඔහු 1997 දීිතිනකුරල්’ පුවත්පත ආරම්භ කිරීම සඳහා සහයෝගය දැක් වූ අතර එහි සමාරම්භක කර්තෘවරයා ලෙස පත්විය.
සරත් මලලසේකර
සරත් මලලසේකර ලේක්හවුස් පුවත්පත් සමාගම ප්‍රකාශයට පත් කරනිඬේලි නිව්ස්’ හාිසන්ඬේ ඔබ්සවර්’ යන පුවත්පත්වල උසාවි වාර්තාකරුවකු ලෙස සේවය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. මලලසේකර මහතාගේ අධිකරණ වාර්තා සිංහල භාෂාවට ද පරිවර්තනය කෙරුණු අතර ඒවා ලේක්හවුස් පුවත්පත් සමාගමේ ම ප්‍රකාශන වනිදිනමිණ’ හාිසිළුමිණ’ යන පුවත්පත්වල පළවිය.
ප්‍රේමසිරි අබේසිංහ
ිසියරට’ පුවත්පතෙන් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ප්‍රේමසිරි අබේසිංහ ශ්‍රී ලංකාවේ පැරැණිතම පුවත්පතක් වනිසිංහල බෞද්ධයා’ පුවත්පතේ ද සේවය කළේය. ප්‍රේමසිරි අබේසිංහ මහතා 1977 දී උප කර්තෘවරයකු ලෙසිදිනමිණ’ පුවත්පතට එක් වූ අතර පසුකාලීනවිබුදුසරණ’ පුවත්පතේ කර්තෘවරයා ලෙස පත්විය.
http://www.lankadeepa.lk/index.php/articles/442663
විජය පුවත්පත් ආයතනයේ ලංකාදීප එසැණ සහ මැදපෙරදිග ලංකාදීප වෙබ් අඩවි ඇතුළු විවිධ වෙබ් අඩවි, පුවත්පත් යනාදියට මා විසින් ලියන ලද පුවත්, විශ්ලේෂණ, විශේෂාංග ලිපි සහ පරිවර්තන මෙම බ්ලොග් අඩවියේ පළ වේ.
Sunday, July 31, 2016
Thursday, July 14, 2016
'පෞද්ගලික බස් අංශයටත් මාසික වැටුප් ක්‍රමයක්'- එරික් වීරවර්ධන
පුද්ගලික බස් රථ අංශයේ සේවය කරන කොන්දොස්තරවරුන් හා රියදුරන්ට සේව්‍ය සේවක අර්ථසාධක වරප්‍රසාදය හිමිවන ස්ථිර මාසික වැටුප් සහිත ක්‍රමවේදයක් සකසන බව මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති,එරික් වීරවර්ධන මහතා අද (14) පැවැති ‘සහසර‘ නියමු ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ දී පැවසීය.
පුද්ගලික ප්‍රවාහන අංශයේ සේවය කරන කොන්දොස්තරවරු රියදුරුවරු තවමත් නිශ්චිත වැටුපක් නැතැයි ද ඔවුන්ගේ ජිවිතය අනාගතය සුරක්ෂිත නැතැයි ද ඔහු කීවේය.
Wednesday, July 6, 2016
අඩි 41ට අඩු බෝට්ටු සෑදීම නවත්වන්න ඇමැතිගෙන් උපදෙස්
අඩි 41 කට අඩු කුඩා බෝට්ටු නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව අඩි 41 කට අඩු කුඩා බෝට්ටු බෝට්ටු නිෂ්පාදනය කළ ද ඒවාට අමාත්‍යාංශයෙන් බලපත්‍ර නිකුත් නොකෙරෙණු ඇත.
එවැනි කුඩා බෝට්ටු ප්‍රමිතියෙන් තොර බවට ධීවරයන්ගෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
කුඩා බෝට්ටුවලට යොදා ගන්නේ අලුත්වැඩියා කරන ලද පැරණි එන්ජින් යැයි ද, බෝට්ටු භාවිත කළ හැකි කාල සීමාව ඉතා සීමිත යැයි ද ධීවරයෝ චෝදනා කරති.
අඩි 41 කට අඩු කුඩා බෝට්ටු එක්දින යාත්‍රා ගණයට වැටෙන අතර මෙම බෝට්ටුවලින් මසුන් මැරීමට ගොස් බෝට්ටු මුහුද මැද අබලන් වූ පසු එම බෝට්ටුවල සිටින ධීවරයන් බේරා ගැනීමට යන පිරිවැය දැරීමට සිදුවන්නේ ද ධීවරට අමාත්‍යාංශට බව අමාත්‍යවරයා පැවැසීය.
මෙවැනි බෝට්ටුවලින් මාළු ඇල්ලීමට යා හැක්කේ නාවුක සැතපුම් 20ක සීමාවක පමණක් බවත් එම බෝට්ටුවලට ජාත්‍යන්තර මුහුදට යා නොහැකි නිසා අල්ලාගත හැකි මාළු ප්‍රමාණය ඉතා සීමිත බවත් ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
‘නව මහ බැංකු අධිපති පිළිගන්නවා‘ - දිනේෂ්
මහ බැංකුවේ නව අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පත්වීම පිළි ගන්නා බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.
ඔහු මහ බැංකුවේ විශ්වාසය වැඩි කිරීම පිණිස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ගුණවර්ධන මහතා පවසයි.
මීට පෙර පොලිස්පති සහ නීතිපති ඇතුළු තනතුරු පත් කරද්දී පොදු විපක්ෂය විරුද්ධ විය.
‘වැඩ බලලයි තීරණයක් ගන්නේ‘
නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පිළිබඳ තීරණයක් ගත හැක්කේ ඉදිරියේදී ඔහු ක්‍රියා කරන ආකාරය අනුව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (3) පැවැසීය.
‘අතීතයේ සේවය කළ සමාගම්, ඔහු ස්වාධීන පුද්ගලයකු ලෙස කරන ලද ප්‍රකාශ අල්ලාගෙන අපට තීන්දු තීරණවලට එන්න බැහැ. ඔහුගේ අනාගත භාවිතාව, මහ බැංකු අධිපති ලෙස ඔහු කටයුතු කරන ආකාරය දෙස බලා අපට තීරණයකට එන්න වෙනවා‘
‘හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා රැසක් එල්ල වුණා. ඔහු තවදුරටත් මහ බැංකු අධිපති ධුරයේ තබාගන්න බොහෝ පිරිස් උත්සාහ කළා. අවසානයේ බැරි බැරි ගාතේ ඔහුට යන්න සිද්ධ වුණා. අලුත් මහ බැංකු අධිපති ගැන අපට සියයට සියයක් චරිත සහතික දෙන්න බැහැ. ඔහු ස්වාධීන පුද්ගලයකු ලෙස කටයුතු කරද්දි ආර්ථිකය සම්බන්ධයෙන්, සහනධාර, පුද්ගලීකරණය ආදිය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ හා මත සිදු කර තිබෙනවා. ඒවා ඔහු ස්වාධීන පුද්ගලයකු විදියට කරන ලද ප්‍රකාශ. එහෙත් දැන් ඔහු මහ බැංකු අධිපති. එවැනි අවස්ථාවක ඔහු කටයුතු කරන්නේ කෙසේ ද යන්න අප විමසිල්ලෙන් බලා සිටිය යුතුයි‘
‘නව මහ බැංකු අධිපති මීට පෙර මහ බැංකුවේ සේවය කර තිබෙනවා. ඉන් පොදු රාජ්‍ය මණ්ඩලයේත් විවිධ ආයතන හා සමාගම්වලත් සේවය කර තිබෙනවා. ඒවා ඔහුගේ අතීත ක්‍රියාකාරකම්. ඔහු පිළිබඳ නිවැරැදි තක්සේරුවකටට පැමිණීමට හැකි වන්නේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු කටයුතු කරන ආකාරය දෙස බැලීමෙන්. ඊට පෙර ඔහු ගැන තක්සේරුවකට එන්න අපට බැහැ‘
මහ බැංකුවේ ගෞරවය රකින බව නව අධිපති කියයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමයත් විශ්වාසනීයත්වයත් පවත්වාගැනීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් එය තමාගේ ප්‍රධාන වගකීම ලෙස සලකන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද (4) පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නිල කාමරයේදී වැඩ බාර ගැනීමෙන් අනතුරුව බැංකු සේවකයන් අමතමින් නව අධිපති එසේ කීය.
‘ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෞරවය ආරක්ෂා කරගනිමින් එහි කීර්තිනාමය හා විශ්වාසනීයත්වය පවත්වා ගැනීම මහ බැංකු අධිපතිවරයකුගේ ප්‍රධාන වගකීමයි. එම ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුවේ සියලූ දෙනාගේ සහයෝගය අවශ්‍යයි. අවංක වැඩ කරන්නැයි ද මගේ රාජකාරි කටයුතුවලට බාධා කරන කිසිවකුට බිය නොවන්නැයි ද ජනාධිපති මට උපදෙස් දුන්නා. ජනාධිපති උපදෙස් අනුවත් රටට පලදායී ලෙසත් කටයුතු කිරීම මගේ අරමුණයි. මා අගමැති ද මුණ ගැසුණා. ඔහු මට රටේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු පැවැසුවා‘
‘ශ්‍රී ලංකා මහ බැංකුව රටේ ප්‍රධාන ආයතනයක්. මම ඔබට පොරොන්දු වෙනවා මම මගේ උපරිමයෙන් කටයුතු කරන බවට. මේ ආයතනයේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීමට මට තනියෙන් කරන්න බැහැ. එයට ඔබ සියලූ දෙනාගේ උපකාරය අවශ්‍ය වෙනවා‘
‘මේ රටේ සුවිශේෂී පුද්ගලයන් මේ ආයතනයේ වැඩ කළා. මට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණා. මා මෙහි සේවය කළා. අද මේ ආයතනයේ උසස්ම තනතුරට පත්වීමට මට අවස්ථාව ලැබුණා.
‘මා සෑමවිටම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බව කියන්නේ ඉතාම ගෞරවයෙන්. මා නිරන්තරයෙන් පවසන දෙයක්. මේ තනතුරට පත්වීමට මා ලද භාග්‍යයක්. ඒ පිළිබඳ මා අද සතුටු වෙනවා‘
‘සියලූ දෙනා මා කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට මා පොරොන්දු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට සුවිශේෂී කාර්යභාර්යක් පැවැරී තිබෙනවා. ඒවා ඉටු නොකරන්න බැරි වුණොත් රටේ කිසි දෙයක් කරන්න බැහැ. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සාර්ව ආර්ථික මූලධර්ම ඉටු කළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස අපට පැවැරී තිබෙන වගකීම් ඉටු කරන්න බැරි වුණොත් මේ රටේ කිසිදු දෙයක් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපට සුවිශේෂී වගකීමක් පැවැරී තිබෙනවා‘
‘මා දක්ෂ වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඔබත් දක්ෂ විය යුතුයි. මෙහි සිටින සියලූ දෙනා දක්ෂයෝ. මා ක්‍රීඩා කිරීමෙන් උගත් දෙය එයයි. රටේ සිටිනි දක්ෂතම පුද්ගලයන් සිටිනවා. අප සියලූ දෙනාට දක්ෂ වුණාට වැඩක් වෙන්නේ නැහැ. අප සියලූ දෙනාගේ අරමුණු එකක් විය යුතුයි. අප සියලූ සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතුයි. අප සියලූ දෙනා මනුෂ්‍යයන්. එසේ වුවද අපට සහයෝගයෙන් එක අරමුණක් වෙනුවෙන් කටයුතු කළ හැකියි‘
‘අප කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් ඉලක්ක හා අරමුණු තබා ගත යුතුයි. මේ රටේ අනෙකුත් සියලූ දේ සිදුවීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් අප ඊට පදනම තැබිය යුතුයි. අප සියලූ දෙනා වෘත්තීය, තාක්ෂණික හා අවංක හා සම්පූර්ණ විය යුතුයි. ඔබට යම් පරස්පරයක් තිබේ නම් එය මා වෙත දන්වන්න. ශ්‍රී ලංකා මහ බැංකුව තුළ විවෘතභාවය, සාකච්ඡුා, මතවාද තිබිය යුතුයි. ඒවා සාකච්ඡා කළ යුතුයි. අවසානයේ හොඳම තීරණයට එළැඹිය යුතුයි. ඒ නිසා මට උපකාරි වෙන්න‘
‘ඒ වගේම රටේ දේශපාලනයත් ආර්ථිකයත් සමබරව එක අරමුණක කළ ගමන් කළ යුතුයි. නිදහසින් පසු සෑම අවස්ථාවකදීම වගේ අපේ රටේ ආර්ථිකය දේශපාලනය නිසා විනාශ වුණා. මා කිසිදු පක්ෂයකට හෝ ආණ්ඩුවකට චෝදනා කරන්නේ නැහැ. එහෙත් දේශපාලනය නිසා රටේ ආර්ථිකය පහතට වැටුණා. හොඳ ආර්ථිකයක් තිබේ නම් හොඳ දේශපාලන තත්ත්වයක් ගොඩනැගෙනවා. එය අපි දේශපාලකයන්ට එය තේරුම් කළ යුතුයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. මූල්‍ය ප්‍රතිපත්තියේ වැදගත් කරුණු තිබෙනවා. එම කරුණු කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. ආණ්ඩුව විවේචනය කිරීම අපේ කාර්යයක් නෙමෙයි. අපි ස්වාධීනව, වෘත්තීයභාවය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුව නිසි ලෙස කරුණු පහදමින් කටයුතු කළ යුතුයි. මට ඒ සඳහා ඔබ සියලූ දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා‘
දෙහිවල ධීවර ගැටලුවට ඇමැති බැල්ම
දෙහිවල මුහුදු තීරයේ ධීවරයන්ට බාධාවක්ව තිබෙන ගල් පර්වතය ඉවත් කිරීමට හා දියකඩනය ඉදිකිරීමට අදාළ පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලද වහාම අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
දෙහිවල වෙරළට ආසන්න මුහුදේ පිහිටා තිබෙන කළු ගලක් හේතුවෙන් ධීවර කටයුතු සඳහා එය බාධාකාරී බව පවසමින් ධීවරයෝ පිරිසක් දුම්රිය මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම ගල් පර්වතයේ බෝට්ටු හැපීම නිසා ධීරවයක් කිහිප දෙනකුම මරණයට පත්වී ඇතැයි ද වාර්තා වේ. මෙම ගැටලුවට පිළිබඳ එම ප්‍රදේශයේ ධීවරයන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූ අතර ගල් පර්වතය ඉවත් කිරීම හා රළ වේගය පාලනය කිරීම සඳහා ගල්වැටියක් ඉදිකිරීමට එහිදි තීරණය විය.
දැනට රළ වේගය පාලනය කිරීම සඳහා ස්වභාවික බාධකයක් සේ කටයුතු කරන මෙම ගල් පර්වතය ඉවත් කළහොත් වෙරළ ඛාදනය උග්‍ර වී ධීවර නිවාස ගණනාවක් මුහුදට ගසාගෙන යෑමටත් ගොඩබිමට විශාල හානියක් සිදු වීමටත් ඉඩ ඇති බැවින් පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන් උපදෙස් දුන්නේය.
මෙම ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලද වහාම එම ගල ඉවත් කිරීමටත් ගල් වැටියක් දමා රළ වේගය පාලනය කිරීමටත් ධීවරයන්ට බාධාවකින් තොරව ධීවර කටයුතුවල නිරත වීමටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍යාංශය සූදානම් බවත් අමාත්‍යවරයා පැවැසීය.
විදේශ ලේකම් ධූරය ඇසළ වීරකෝන්ට
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇසළ වීරකෝන් මහතා විදේශ අමාත්‍යාංශ ලේකම්ධුරයට පත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පුරප්පාඩු වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට මේ වනවිට විදේශ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන චිත්‍රාංගනී වගීශ්වර මහත්මිය පත් කෙරෙනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
තම උපරිමය දෙන බව මහබැංකු අධිපති කියයි
රටේ ආර්ථිකය පසුපමට ඇදපු යුද්ධය 2009 වසරේ අවසන් වීඇති බවත් වසර පනහකට පසුව අද රටට ඉතා හොඳ අවස්ථාවක් උදා වී ඇති අවස්ථාවේ මේ ධුරයේ කටයුතු කරමින් තමාගේ උපරිමය සිදු කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (5) පැවැසීය.
වත්මන් ආණ්ඩුව ගෙන ඇති පියවර හා දැනට ක්‍රියාත්මක කර තිබෙන තීරණ හා ප්‍රතිපත්ති දෙස බැලීමේදී රටේ ආර්ථිකය නිසි මඟ වැටී ඇති බවත් එය දිගින් දිගටම පවත්වා ගත යුතු බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.
“රාජ් රජ්තම් මගේ මිත්‍රයෙක්. මම ඔහුගේ සමාගම වෙනුවෙන් සාර්ව ආර්ථික පර්යේෂණ සිදු කළා. මම ඔහුගේ සමාගමට වෘත්තීය සේවා සැපයූවා. මම එලෙස සේවා සැපයූවේ ඔහුට චෝදනා එල්ල වීමට පෙරයි.” යැයි ද කුමාරස්වාමි මහති කීවේය.
‘රජය බැඳුම්කර සිද්ධිය වසන් කරනවා‘ - ජී.එල් පීරිස්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කරන ලද පරස්පර ප්‍රකාශවලින් ආණ්ඩුව පොදු එකඟතාවකින් කටයුතු කරන්නේ දැයි සැකයක් මතුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (6) පැවැසීය.
එමෙන්ම විෂමතාවක් හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කළා නම් ඔහුත්, ඔහු පත් කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ ආණ්ඩුව විසින් පිහිටුවන ලද මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ඉදිරියට පැමිණ විය යුතු යැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කීය.
බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (6) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මෙම කරුණු පැවැසීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා මෙසේ පැවැසීය.
අද රට ආරාජික තත්ත්වයකට පත්වෙලා. අද රට යහපාලනය නෙවෙයි කිසිදු පාලනයක් නැති රටක් බවට පත්වෙලා. අද රටේ ආණ්ඩුවක් නැහැ.
අද රහස්‍යභාවය කියන සංකල්පය වංචාකාරී ලෙස භාවිත කරනවා. බැඳුම්කර සිදුවීමේදී කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රහස්‍ය තොරතුරු බව පවසමින් කරුණු සඟවන්න උත්සාහ කරනවා. රහස්‍යභාවය කියන සංකල්පය භාවිත කරමින් මේ කරුණු සඟවන්න උත්සාහ කරනවා. එම නිසා මෙම කරුණු අනාවරණය කරමින් මහ බැංකුවේ නිර්මලභාවය හා විශ්වාසනීයත්වය සුරක්ෂිත කිරීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කළ යුතුයි.” යි ජී.එල් පීරිස් මහතා තවදුරටත් කීය.
මෙහිදි අදහස් දැක් වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ කීය.
“අද කෝප් කමිටුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් යොදමින් අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව තියෙන පරීක්ෂණය පරාජයට පත් කරන්න උත්සාහ කරනවා. එයයි ආණ්ඩුවේ උත්සාය. ඉස්සර නම් ආණ්ඩුවෙන් හා විපක්ෂයෙන් සම සමව යොදාගත්තා. සභාපතිවරයෙක් දාන්නේ විපක්ෂයෙන්. ඉතින් කෝප් කමිටුව අපක්ෂපාතී යැයි කියන්නේ කොහොමද ?
නව මහ බැංකු අධිපතිවරයා යහපත් වෘත්තිකයෙක්. ඔහු එල්.ටී.ටී.ඊ යේ පුද්ගලයෙක් ලෙස අප පවසන්නේ නැහැ. ඔහු එල්.ටී.ටී.ඊ කාරයෙක් යැයි හංවඩු නොගැසිය යුතුයි. ඔහු මහ බැංකුව වංචාවලින් තොරව රටේ උන්නතිය වෙනුවෙන් ගෙන යනු ඇතැයි අප විශ්වාස කරනවා.
Friday, July 1, 2016
ජගත් මහ ලේකම් ලංකාවට එයි
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මේ වසරේ ශ්‍රී ලංකාවට එතියි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරය අමතමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන සියලු දෙනාට රටට පැමිණ සංචාරය කරන්නැයි ද ශ්‍රී ලංකාවට විවිධ චෝදනා එල්ල කරන පාර්ශවවලටද රට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය බැලිය හැකි යැයි ද මංගල සමරවීර මහතා එහිදි කීවේය.
යහපත් අරමුණුවලින් එල්ල කරන චෝදනා හා විවේචන බාරගන්නා බවත් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් සියලු පාර්ශව කරන යෝජනා හා චෝදනා බාරගන්නා බව ද අමාත්‍යවරයා පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්ෂිකව වාර්තාවට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව දැන් විවෘත රටක් යැයි ද වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් හා විශ්වාසයෙන් කටයුතු කරන බව ද සමරවීර මහතා පැවැසීය.
මාළුවා ඒරෝප්පෙන් ලංකාවට රට සල්ලි අදී
යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන සඳහා මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි 22 වැනි දා සිට 29 වැනි දා දක්වා ගත වූ සතියේදී මත්ස්‍ය ටොන් 78ක් යුරෝපා සංගමයට අපනයනය කිරීමට හැකි වූ බව අපනයනකරුවෝ පවසති.
යුරෝපා සංගමයට අයත් රටවලට මත්ස්‍ය අපනයනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් පැවසීය.
සතිය තුළ වාර 96 කදී මත්ස්‍ය ටොන් 78 යුරෝපා සංගමයට ආනයනය කිරීමට හැකි වී ඇත. මත්ස්‍ය තොග අපනයනය කිරීම සමාගම් 13ක් ඔස්සේ සිදු කර ඇත. මෙලෙස අපනයන කරන ලද මසුන්ගෙන් බහුතරය ටූනා මසුන් වන අතර තෝරා, ඉස්සෝ හා පොකිරිස්සෝද වෙති.
යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අපනයනය සදහා තහනම පනවා තිබු කාලය තුළ මෙරටට අහිමිවු මුදල රුපියල් කෝටි 1600කි. යළිත් යුරෝපා සංගමයේ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් අපනයන කිරීමට හැකි වීම රට ලැබු සුවිශල් ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා එහිදි පෙන්වා දී ඇත.
රාජ්‍ය නාට්‍ය උළෙල විරෝධතා මැද
රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2016 කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතයේදී අද පැවති අතර මෙවර එය පැවැත්වුණේ කලාකරුවන්ගේ නිහඩ විරෝධතා මධ්‍යයේය.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය නිසි පරිදි නොලැබුණු බව කියමින් ඊට සහභාගී වූ කලාකරුවන් සම්මාන උළෙළ අතරතුර වේදිකාවට ගොඩවී විරෝධතා පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවන්හි නිරත වනු දක්නට ලැබිණි.
රාජ්‍ය නාට්‍ය උළෙලක මෙවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට බව වාර්තා වේ.
පසුගිය වසරවලදී සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර අධ්‍යාපනයට අමාත්‍යාංශයට පැවරී තිබූ අතර එයට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බව පවසමින් එම කලාකරුවෝ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවයේ නිරත වූහ.
‘රාජ්‍ය මෙච්චර පීචං ද මචං‘,ි ජනාධිපතිතුමනි සංස්කෘතික ජීවිතේ කියලා දේකුත් තියනවා‘,ිඅධ්‍යාපන ඇමතිතුමනි, නාට්‍ය අදාළ නැහැනේ‘ ආදී සටන්පාඨ එම පුවරුවල සදහන්ව තිබිණි.
රංගන ශිල්පීන් වන නාමල් ජයසිංහ, ජගත් මනුවර්ණ සහ ජෙහාන් ශ්‍රී කාන්තන් යන මහත්වරු සම්මාන උළෙලේ නිවේදක දෙපල පසකට කර තම විරෝධතාවට හේතු වන කරුණු ගැන සභාව දැනුවත් කළහ.
මෙයට සහභාගී වූ බොහෝ කලාකරුවන් ඇතුළු පිරිස් සම්මාන උළෙලට පැමිණියේ ද අත්වල කළු පටි බැඳගෙනය.
රාජ්‍ය නාට්‍ය උළලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතව සිටි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උළෙලට පැමිණ නොසිටි අතර සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය හා ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම විරෝධතා දැක්වූ කලාකරුවන් අතර සිටි බොහොමයක් දෙනා වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළිඅලූත් පරපුර‘ සංවිධානය නියෝජනය කළ කලාකරුවන්වීම විශේෂත්වයකි.
මේ වසරේ මුලදී රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබුණද පසුව එය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරිණි.
රාජ්‍ය නාට්‍ය උළෙල මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එය නොපැවැත්වුණු අතර අද (1) දිනයේදී එය පැවැත්වූයේ නාට්‍යකරුවන්ගේ දැඩි වුවමනාව මත බව වාර්තා විය.
මෙවර රාජ්‍ය නාට්‍ය උළලේදී හොඳම නාට්‍යයට හිමි සම්මානයිරජා මං වහලා‘ නාට්‍යයට හිමි වූ අතර එහි අධ්‍යක්ෂ චාමික හත්ලහාවත්ත හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේය.
හොඳම නළුවාට හිමි සම්මානය සරත් කරුණාරත්නට හා සනත් විමලසිරි ට හිමිවිය. හොඳම නිළියට හිමි සම්මානය තෙරුණි අශංසා හා උමයංගනා වික්‍රමසිංහට හිමි විය. ඔවුන් සිව් දෙනාම මෙම සම්මාන ලැබූයේිරජා මං වහලා‘ නාට්‍යයේ කළ රංගනයන් වෙනුවෙන්වීම විශේෂත්වයකි. ප්‍රධාන සම්මාන සියල්ලම පාහේ මෙම නාට්‍යයට හිමිවීම විශේෂත්වයකි.
මෙහිදී විරෝධතා දක්වමින් අදහස් දැක්වූ රංගන ශිල්පී ජෙහාන් ශ්‍රීකාන්තන් මහතා මෙසේ අදහස් දැක්වීය.
්ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, අපට ඇත්තේ වේදනාවක්. අප ගැන තීන්දු තීරණ ගැනීමට ඔබව පත් කළ අපට දැන් ඒ ගැන ඇත්තේ කණගාටුවක්, දුකක් හා වේදනාවකි. අපට අප ගැන තරහක් වේදනාවක් උපදිනවා. බොරු පොරොන්දු දුන් අය පිළිබඳ අපට ඇත්තේ අනුකම්පාවක්.
වෙනදාට රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරන්නේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවතින ජාතික කලා මණ්ඩලයක් හා නාට්‍ය අනු මණ්ඩලයයි. මේ රජය පත්වීමත් සමඟ නාට්‍ය අනු මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙනවා. එතකොට රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය වගකීම අධ්‍යාපනය අමාත්‍යාංශයට පැවරෙනවා. ඒත් සමඟ හුණුවටයේ කතාවේ වගේ අම්මලා දෙන්නෙක් මතු වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් අතර කඹ ඇදිල්ලක් මතු වෙනවා.
මේ කිසිදු තීරණයක් ගත්තේ අපි නෙමෙයි. මේ තීරණ අපෙන් අහලා ගත්තු තීරණ නෙමෙයි. අපට අවශ්‍ය වන්නේ ගෞරවාන්විත රාජ්‍ය නාට්‍ය උළෙලක් පමණයි. ඒ දේ වෙනවානම් අපට කවුරු සංවිධානය කළත් කමක් නැහැ.් යැයි ද ඔහු සඳහන් කළේය.
http://www.lankadeepa.lk/index.php/top_story/433052
මුල් ළමාවිය සංගණනයක් ඇරැඹේ
මෙරට ඉතිහාසයේ පළමු වරට මුල් ළමාවිය පිළිබඳ ජාතික සංගණනයක් කිරීමට තීරණය කර ඇතැයි මුල් ළමාවිය සංවර්ධන පිළිබඳ ව්යා පෘතියේ අධ්ය්ක්ෂක වෛද්යි රවී නානායක්කාර මහතා කීවේය.
ලෝක බැංකු ආධාර යටතේ ක්රිායාත්මක වන මෙම සංගණනයට කාන්තා හා ළමා කටයුතු අමාත්යාංඇශය හා ජනලේඛන හා සංඛ්යාාලේඛන දෙපාර්තමේන්තුව දායක්තවය සපයයි.
මෙම සංගණනය හෙට 01 ආරම්භ කෙරෙන අතර සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වීමට නියමිතය.
මුල් ළමාවිය සංවර්ධන පිළිබඳ ජාතික සංගණනය යටතේ හෙට සිට මුල් ළමාවිය සංවර්ධන ආයතන, පෙර පාසල් ඇතුළුව මුල් ළමාවියේ සිටින දරුවන්ගේ තොරතුරු එකතු කිරීම ආරම්භ කරන බවත් තොරතුරු එක්රැස් කර මේ වසර අවසානයේදී වාර්තාවක් සකසන බව ද වෛද්‍ය රවී නානායක්කාර මහතා කීය.
දැනටමත් තොරතුරු එක් රැස් කිරීම අවශ්‍ය ප්‍රශ්නවාලී සකසා ඇති බවත් නිලධාරීන් 500කට ආසන්න ප්‍රමාණයක් පුහුණු කර ඇති බවත් වෛද්‍ය රවී නානායක්කාර මහතා පැවැසීය.
මෙම සංගණනය යටතේ මෙරට සියලු පෙර පාසල්වල තොරතුරු, එම පෙරපාසල් ලියාපදිංචි කර තිබේද නැද්ද, ඒවායේ සනීපාරක්ෂාව, පෙර පාසල් ගුරුවරුන්ගේ සුදුසුකම් ඇතුළු මුල් ළමාවියේ පසුවන දරුවන්ට අදාළ තොරතුරු රැසක් එක් රැස් කිරීමට නියමිත බව ද වෛද්‍ය රවී නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.
අවසාන වාර්තාව සැකසීමෙන් පසු පෙර පාසල්වල තත්ත්වය, පෙර පාසල් ගුරුවරුන්ගේ තත්ත්වය ඉහළ නැංවීම, දරුවන් පෙර පාසල් යැවීමට නොහැකි මාපියන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම ආදී කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කිරීමටත් තොරතුරු එක්රැස් කිරීමෙන් පසු සොයාගන්නා අර්බුදවලට විසඳුම් සෙවීම කෙරෙහිත් අවධානය යොමු කරන බව ද වෛද්‍ය රවී නානායක්කාර මහතා කීවේය.
Subscribe to:
Posts (Atom)