Tuesday, May 21, 2019

නොසැලකිල්ල කාගේ ද ?


සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට උපකාරී විය හැකිව තිබූ ඉතා වැදගත් බුද්ධි තොරතුරු රටේ නායකයන් අතර පවතින ආරවුල නිසා නොසලකා හැර ඇතැයි විශේෂඥයන් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය ඉකුත් දිනෙක වාර්තා කළේය.

බුද්ධි අංශ මගින් කරන ලද අනතුරු ඇඟවීම් මත ක්‍රියාත්මක වීමට නොහැකි වූයේ විවිධ අඩුපාඩු නිසා යැයි රජය පිළිගත් අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින දේශපාලන අර්බුදය නිසා එසේ අඩුපාඩු සහ
නොසලකා හැරීම් සිදු වී ඇතැයි ද එම විශේෂඥයන් පෙන්වා දී ඇත.

විදෙස් බුද්ධි අංශයක අනතුරු ඇඟවීම් උපුටා දක්වමින් අප්‍රේල් මස 11 වැනිදා පොලිස්පතිවරයා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වන ‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානය මෙරට ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට එම අනතුරු ඇඟවීම්වල සඳහන්ව තිබී ඇත.

පොලිස්පතිවරයා නිකුත් කළ අනතුරු ඇඟවීමේ ලිපිය තවත් ප්‍රධානීන් කිහිපදෙනකුටම යවා ඇති නමුත් එම අනතුරු ඇඟවීම් ලිපි අගමැතිවරයාට හෝ රාජ්‍ය ආරක්ෂ අමාත්‍යවරයාට යවා නැත. එය තරමක පුදුමය දනවන්නක් බව මෙම අවුල් සහගත දේශපාලන සිදුවීම්වලට සමීප විශේෂඥයන් පවසා ඇත. මෙම දේශපාලන වියවුල ප්‍රධාන වශයෙන් පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතරය.

රටේ ආරක්ෂක සහ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ද ජනාධිපති සිරිසේන මහතාය. “අගමැතිවරයා සමඟ පවතින යුද්ධයේදී ජනාධිපතිවරයා විවිධ ආකාරවලින් ඔහු දුර්වල කිරීමට උත්සාහ කරනවා. උදාහරණයකට ජනාධිපතිවරයා පොලිසිය ඔහුගේ යටතට ගත්තා” යැයි බුද්ධි තොරතුරු එක් රැස් කරන සංවිධානයක් වන “ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප්” ශ්‍රී ලංකා විශේෂඥ ඇලන් කීනන් මහතා පැවැසීය.

“ඒ නිසා පොලිසිය ජනාධිපතිවරයා සමඟ නොසිටින අමාත්‍යවරුන් සමඟ එවැනි තොරතුරු බෙදා නොගැනීම වෙන්න පුළුවන් දෙයක්” ඇලන් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය. සාපරාධී නොසැලකිල්ල අගමැතිවරයා වැළැක්වීමේ ජනාධිපතිවරයාගේ ප්‍රයන්ත පසුගිය වසර දක්වා දිවයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සිදු වුවත් දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩු තවමත් පවතී. පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන
බෝම්බ ප්‍රහාරවලින් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ හදිසි රැස්වීමක් කැඳෙව්වේය. පාස්කු ඉරිදා (21) එල්ල වූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 258 දෙනෙක් මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

එම අවස්ථාව වනවිට පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපතිවරයා විදෙස් ගත වී සිටි අතර හමුදා නායකත්වය අග්‍රාමාත්‍යවරයා කැඳවූ රැස්වීමට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබේ. එම හමුදා නායකයන් පිළිතුරු බඳින්නේ ජනාධිපතිවරයාට පමණක් බව නිල ආරංචි මාර්ග ප්‍රංශ පුවත් සේවයට පැවැසීය. ඔවුන් රැස්වීමට පැමිණීමට එකඟ වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටි හමුදා ප්‍රධානීන්ගේ මූලස්ථානවලට පැමිණීමෙන් පසුවය.




“අභ්‍යන්තර දේශපාලන ගැටුම් පවතිනවා යනු ආරක්ෂාව නොසලකා හැරෙනවා” යැයි කොළඹ පිහිටි විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ ප්‍රධානී ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා කීවේය. “අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාස හතරකින් ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වෙලා නැහැ” යැයි ද ඔහු ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

“ඔවුන් දෙදෙනා මෙච්චර කාලයක් මොනවද කළේ” යැයි සරවනමුත්තු මහතා චෝදනාත්මක ස්වරූපයෙන් විමසීය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබෙන පෞද්ගලික අමනාපකම් නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන අවධානය වෙනතකට ගියා” යැයි ඔහු කීවේය. “නායකයෝ ඉන්නේ රටේ ජනතාව ආරක්ෂා කරන්න. ඔවුන් එය කරන්න අසමත් වුණා.
ජනතාවට ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. මේක සාපරාධී නොසැලකිල්ලක්” යැයි ද හෙතෙම කීය. නායකත්වය සොයා යෑම එකිනෙකාට බැණ අඬ ගසා ගැනීමෙන් පමණක්, දශක ගණනාවක් මුළුල්ලේ පැවැති දෙමළ කැරැල්ලට එරෙහිව සටන් කර ඉතා හොඳ අත්දැකීම්වලින් පරිපූර්ණ නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම් නොසලකා හැරියේ ඇයි ද යන්න පැහැදිලි නොකරයි.

ජාතික තව්හීත් ජමාත් සංවිධානය ගැන සහ එම සංවිධානය ප්‍රහාර එල්ල කරනු ඇති බවට පොලිසිය දැන සිටි බව දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා පැවැසීය. ජනවාරි මාසයේදී පොලිසිය පොලිසිය පසුගිය ජනවාරි මාසයේදී පුහුණ කඳවුරක් වැටලූ බවත් එහිදි පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනෝටර් අත්අඩංගුවට පත්වූ බවත් කුසල් පෙරේරා මහතා කීවේය.

“බුද්ධි තොරතුරු එකතු කිරීම පමණ ද ඔවුන්ගේ වගකීම සැකකරුවන් ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද ? සිවිල් යුද්ධය පැවැති කාලයේදී ඔවුන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ හෝ උපදෙස් ලැබෙනකන් හිටියේ නැහැ. සැක කටයුතු පුද්ගලයෙක් ගැන දැනගත්තොත් ඔවුන් ප්‍රශ්න කළා. අත්අඩංගුවට ගත්තා, වැටලුවා” යැයි ද පෙරේරා මහතා කීවේය.

“ප්‍රහාරයක් ගැන තොරතුරක් ලැබුණාම නීතිය හා සාමයට සම්බන්ධ සහ ඊට වගකියන ආයතනවලට පුටුවකට වාඩිවෙලා විවේක ගන්න බැහැ. ආරක්ෂ ප්‍රධානීන් ඉවත් කරන බවටත් ආරක්ෂක අංශ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන බවත් ජනාධිපතිවරයා කීවේය. පොලිසිය බුද්ධි තොරතුරු අගමැති වික්‍රමසිංහ මහතාට හෝ ඔහුගේ කාර්යාලය ගැන හෝ ඔහුගේ කාර්යාලයට නොදීම සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ වසරේ අවසාන භාගයේදී මැතිවරණ කිහිපයක් ද පැවැත්වීමට ඇති බැවින් මේ වනවිට වත්මන් ආණ්ඩුව දැඩි පීඩනයකට මුහුණ දී සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුවීම්වලින් පසුව ආණ්ඩුවට චෝදනා කළේය. ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවත් ආරක්ෂක අංශ දුර්වල කළ බවත් පවසමින් රාජපක්ෂ මහතා ආණ්ඩුවට චෝදනා කළේය.

“කෝප ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට සෑම අයිතියක්ම තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා පූර්ණ අයිතිය තියෙනවා. එහෙත් කිසිවකුටත් එරෙහිව පියවර ගන්න විදියක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ” යැයි කීනන් මහතා කීවේය.

“බියජනක බිඳුණු හදවත් ඇති මහජනතාව නායකත්වයක් සොයා යනවා. එහෙත් ඔවුන්ට එය හම්බවෙලා නැහැ” යැයි ඔහු තවදුරටත් කීවේය.


 ලංකාදීප (රජවීදිය අතිරේකය ) - 2019 මැයි 16




ඡායාරූප ප්‍රංශ පුවත් සේවය (ඒ.එෆ්.පී)

Friday, May 10, 2019

‘කලිෆාව’ පරාජය වුණාද ?



පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මෙරට තුළඅයි.එස්.අයි.එස්. සංවිධානය, ඉස්ලාමීය අන්තවාදය සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන්නැවත වරක් කතාබහක් ඇති වී තිබේ.
අයි.එස්. සංවිධානයේ‘කලිෆාව’ පරායට පත් කළබව පසුගිය මාර්තු මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි. ජිහාද් සටන්කාමීන්,සිරකරුවන්, ඔවුන්ගේ බිරින්ඳෑවරුන් සහදරුවන්ගෙන් කඳවුරු පිරි ගියේය.
අයි.එස්. සංවිධානය 2014වසරේ දී ප්‍රකාශයට පත් කරනලද නාමික රාජ්‍ය පරාජයටපත් කළ බව ඇමෙරිකාඑක්සත් ජනපදයේ සහායහිමිවන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය(එස්.ඩී.එෆ්) මාර්තු 23 වැනිදා නිවේදනය කළේය. වසර පහක් මුළුල්ලේ අයි.එස්.සන්නද්ධ කණ්ඩායමටඑරෙහිව පැවැති සටන විජයග්‍රහණය කළ බව ඔවුහුකීහ.කලිෆාව තුරන් කිරීමසිරියානු සිවිල් යුද්ධයේ එක්කොටසක් අවසන් කිරීමක්වුවත් සටන් තවමත් අවසන් නැතැයිඑස්.ඩී.එෆ් සහ ඇමෙරිකාව ප්‍රමුඛඒකාබද්ධ හමුදා අනතුරු අඟවා ඇත.
“සතිපතා ප්‍රහාර එල්ල කිරීමට අයි.එස්.සංවිධානයට තවමත් හැකියාව තිබෙනවා”යැයි යුරෝපීය විශ්ව විද්‍යාල ආයතනයේජිහාද් ක්‍රියාකාරක්ම් පිළිබඳ විශේෂඥයකුවන ටෝර් හැමින්ග් පවසයි.අයි.එස්. සංවිධානය සිරියාවේනැනෙගහිර කොටසේ පිහිටි බගූස්හිදීපරාජයට පත්වුවත් සිරියාවේ විශාලකාන්තාර ප්‍රදේශ සහ තවත් බොහෝස්ථානවල ජිහාද්වාදීහු සැඟවී සිටිති.අප්‍රේල් මස තෙවැනි සතියේදී පමණක් පැය 48ක් ඇතුළත සිරියානු රජයට හිතවත් සටන්කරුවන් 35 දෙනකු මරාදැමීමට අයි.එස්. සටන්කාමීහු සමත්වූහ.
ඒඅනුව අප්‍රේල් 21 වනවිට දින දෙකක්ඇතුළත සිරියානු රෙජීමයට හිතවත්සටන්කරුවන් 60කට ආසන්න පිරිසක්ඝාතනය කිරීමට අයි.එස්. සංවිධානයසමත්වූයේ යැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වන සිරියානු සංවිධානය සඳහන්කළේය.
ඊට පෙර අයි.එස්. සංවිධානයේ බෝම්බ ප්‍රහාර දෙකක් සිරියාවේ රකා වෙත එල්ලවිය. එම බෝම්බ ප්‍රහාරවලින් 13 දෙනෙක්ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රදේශයසිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ(එස්.ඩී.එෆ්) පාලනය යටතේ පවතින ප්‍රදේශයකි.සිරියාවේ සිටින සෙබළු 2,000සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නා බව ඇමෙරිකාව මුලින් පැවැසුවද තවත්කාලයක් යනතෙක් සෙබළුන් 400ක් එරට රඳවා තබන බව ධවල මන්දිරිය නිවේදනය
කළේය.
එහෙත් දීර්ඝකාලයක් මුළුල්ලේ පවතිනජිහාද් තර්ජනයට මුහුණ දීමට එසේ කිරීමප්‍රමාණවත් නැතැයි ටෝර් හැමින්ග්පෙන්වාදෙයි.“අයි.එස්. සංවිධානය තවමත් සක්‍රීයයි.එය ඉදිරියටත් පවතීවි. ඇමෙරිකානුසොල්දාදුවන් කුඩා සංඛ්‍යාවක් රැඳවීමෙන්මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන්නබැහැ” යැයි ද ඔහු කියයි.
“අයි.එස්. සංවිධානය තවමත් සැලකියයුතු ප්‍රදේශයක බලය තිබෙනවා. සිරියාවේඉරාකයේ ඔවුන්ට හිමි පාලන ප්‍රදේශ අහිමිවුණත් සැලකිය යුතු බලයක් ඔවුන්ටතිබෙනවා. ඔවුන්ගේ ජාල ලොවහැමතැනකම වගේ තියෙනවා. අයි.එස්.සංවිධානයට එම කණ්ඩායම්වල සහායහිමිවෙනවා” යැයි ‘සෙන්ටර් ෆෝ නිව් ඇමෙරිකන් සෙකි්‍යුරිටි’ මධ්‍යස්ථානයේ විශ්ලේෂක නිකොලස් හෙරාස් පවසයි.“නැගෙනහිරි සිරියාවේ සහ බටහිරඉරාකයේ ග්‍රෝත්‍රික කොටස් සමඟ අයි.එස්.සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වනවා. නැවත ගොඩනැගීම අයි.එස්.සංවිධානයේ උපායමාර්ගයේ ලොකු කොටසක්” යැයි හෙරාස් කියයි.
අයි.එස්. ජිහාද් සංවිධානය ඒ සඳහා ඔවුන්ගේ නම වෙනුවටවෙනත් නමක් භාවිත කරනු ඇතැයි ද ඔහු කියයි. සිරියානු රජයේ හමුදා, ආරක්ෂක අංශ සහ ඇමෙරිකාවේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් අයි.එස්.සංවිධානයේ ඊට සහාය දෙන සැඟවී සිටින ත්‍රස්ත කණ්ඩායම් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත. කෙසේ නමුත් සිරියාවේ ඊසාන දිසාවේ සිටින කුර්දි බලධාරිහු තවත් ප්‍රධාන අභියෝගයකට මුහුණ දී සිටිති.
විදෙස් ජාතිකයන් ද ඇතුළු ජිහාද් සටන්කාමීන් බව පවසන දහස් ගණනක් කුර්දි සිර කඳවුරුවල රඳවා සිටිති. ඒ අතරවාරයේදී ඔවුන්ගේ ඥාතීහු අතුරුදන්වූවන් සොයා කඳවුරුවල ගැවසෙති.
මෙසේ සටන්කාමීන්ගේ ඥාතීන් සටන්කාමීන් සොයා පැමිණීම අර්ධ- ස්වයං පාලනයක් පවතින කුර්දි පරිපාලනයට හිසදරයක් වී තිබේ. මේ තත්ත්වය නිසා සැකකාර ජිහාද් සටන්කාමීන්ට එරෙහිව නඩු විභාග පැවැත්වීමට කුර්දි පාලනයට වුවමනා වී තිබේ.
“මේ ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්න ජාත්‍යන්තර විනිශ්චය සභාවක් කැඳවන්නැයි අපි ඉල්ලා තිබෙනවා” යැයි කුර්දි පරිපාලනයේ විදේශ කටයුතු සම්බන්ධයෙන් පත් කර සිටින ඉහළ පෙළේ නිලධාරියෙක් වන අබ්දෙල් කරීම් ඕමාර් පැවැසීය.
“අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රමුඛත්වය” යැයි ඔහු කීවේය. අයි.එස්. සංවිධානයට 2014 වසරේ සිටහිස ගසා දැමීම්, සමූහ ඝාතන, ස්ත්‍රී අපහරණ, ලිංගික අඩත්තේට්ටම්, පැහැරගැනීම් සහ වාර්ගික ශුද්ධය යන චෝදනා එල්ල වී තිබේ. ඒවාට අමතරව අයි.එස්.සංවිධානයට තවත් චෝදනා රැසක් එල්ලවී තිබේ.
ජිහාද් සටන්කාමීන් බොහෝමයක් මේවනවිටත් සිරගත කර සිටිය ද ඔවුන් තවමත් තර්ජනයක් යැයි විශේෂඥයෝ පවසති. “මේ රැඳවුම් මධ්‍යස්ථාන අන්තවාදය පතුරුවන මධ්‍යස්ථාන බවට පත්වෙලා”යැයි රටවලට බුද්ධි සහ ආරක්ෂක තොරතුරු සපයන සංවිධානයක් වන ‘සුෆාන් මධ්‍යස්ථානය’ වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේය.


හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී. ඇසුරිනි
ලංකාදීප
රජවීදිය
2019.05.09