Friday, May 10, 2019

‘කලිෆාව’ පරාජය වුණාද ?



පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මෙරට තුළඅයි.එස්.අයි.එස්. සංවිධානය, ඉස්ලාමීය අන්තවාදය සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන්නැවත වරක් කතාබහක් ඇති වී තිබේ.
අයි.එස්. සංවිධානයේ‘කලිෆාව’ පරායට පත් කළබව පසුගිය මාර්තු මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි. ජිහාද් සටන්කාමීන්,සිරකරුවන්, ඔවුන්ගේ බිරින්ඳෑවරුන් සහදරුවන්ගෙන් කඳවුරු පිරි ගියේය.
අයි.එස්. සංවිධානය 2014වසරේ දී ප්‍රකාශයට පත් කරනලද නාමික රාජ්‍ය පරාජයටපත් කළ බව ඇමෙරිකාඑක්සත් ජනපදයේ සහායහිමිවන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය(එස්.ඩී.එෆ්) මාර්තු 23 වැනිදා නිවේදනය කළේය. වසර පහක් මුළුල්ලේ අයි.එස්.සන්නද්ධ කණ්ඩායමටඑරෙහිව පැවැති සටන විජයග්‍රහණය කළ බව ඔවුහුකීහ.කලිෆාව තුරන් කිරීමසිරියානු සිවිල් යුද්ධයේ එක්කොටසක් අවසන් කිරීමක්වුවත් සටන් තවමත් අවසන් නැතැයිඑස්.ඩී.එෆ් සහ ඇමෙරිකාව ප්‍රමුඛඒකාබද්ධ හමුදා අනතුරු අඟවා ඇත.
“සතිපතා ප්‍රහාර එල්ල කිරීමට අයි.එස්.සංවිධානයට තවමත් හැකියාව තිබෙනවා”යැයි යුරෝපීය විශ්ව විද්‍යාල ආයතනයේජිහාද් ක්‍රියාකාරක්ම් පිළිබඳ විශේෂඥයකුවන ටෝර් හැමින්ග් පවසයි.අයි.එස්. සංවිධානය සිරියාවේනැනෙගහිර කොටසේ පිහිටි බගූස්හිදීපරාජයට පත්වුවත් සිරියාවේ විශාලකාන්තාර ප්‍රදේශ සහ තවත් බොහෝස්ථානවල ජිහාද්වාදීහු සැඟවී සිටිති.අප්‍රේල් මස තෙවැනි සතියේදී පමණක් පැය 48ක් ඇතුළත සිරියානු රජයට හිතවත් සටන්කරුවන් 35 දෙනකු මරාදැමීමට අයි.එස්. සටන්කාමීහු සමත්වූහ.
ඒඅනුව අප්‍රේල් 21 වනවිට දින දෙකක්ඇතුළත සිරියානු රෙජීමයට හිතවත්සටන්කරුවන් 60කට ආසන්න පිරිසක්ඝාතනය කිරීමට අයි.එස්. සංවිධානයසමත්වූයේ යැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වන සිරියානු සංවිධානය සඳහන්කළේය.
ඊට පෙර අයි.එස්. සංවිධානයේ බෝම්බ ප්‍රහාර දෙකක් සිරියාවේ රකා වෙත එල්ලවිය. එම බෝම්බ ප්‍රහාරවලින් 13 දෙනෙක්ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රදේශයසිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ(එස්.ඩී.එෆ්) පාලනය යටතේ පවතින ප්‍රදේශයකි.සිරියාවේ සිටින සෙබළු 2,000සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නා බව ඇමෙරිකාව මුලින් පැවැසුවද තවත්කාලයක් යනතෙක් සෙබළුන් 400ක් එරට රඳවා තබන බව ධවල මන්දිරිය නිවේදනය
කළේය.
එහෙත් දීර්ඝකාලයක් මුළුල්ලේ පවතිනජිහාද් තර්ජනයට මුහුණ දීමට එසේ කිරීමප්‍රමාණවත් නැතැයි ටෝර් හැමින්ග්පෙන්වාදෙයි.“අයි.එස්. සංවිධානය තවමත් සක්‍රීයයි.එය ඉදිරියටත් පවතීවි. ඇමෙරිකානුසොල්දාදුවන් කුඩා සංඛ්‍යාවක් රැඳවීමෙන්මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන්නබැහැ” යැයි ද ඔහු කියයි.
“අයි.එස්. සංවිධානය තවමත් සැලකියයුතු ප්‍රදේශයක බලය තිබෙනවා. සිරියාවේඉරාකයේ ඔවුන්ට හිමි පාලන ප්‍රදේශ අහිමිවුණත් සැලකිය යුතු බලයක් ඔවුන්ටතිබෙනවා. ඔවුන්ගේ ජාල ලොවහැමතැනකම වගේ තියෙනවා. අයි.එස්.සංවිධානයට එම කණ්ඩායම්වල සහායහිමිවෙනවා” යැයි ‘සෙන්ටර් ෆෝ නිව් ඇමෙරිකන් සෙකි්‍යුරිටි’ මධ්‍යස්ථානයේ විශ්ලේෂක නිකොලස් හෙරාස් පවසයි.“නැගෙනහිරි සිරියාවේ සහ බටහිරඉරාකයේ ග්‍රෝත්‍රික කොටස් සමඟ අයි.එස්.සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වනවා. නැවත ගොඩනැගීම අයි.එස්.සංවිධානයේ උපායමාර්ගයේ ලොකු කොටසක්” යැයි හෙරාස් කියයි.
අයි.එස්. ජිහාද් සංවිධානය ඒ සඳහා ඔවුන්ගේ නම වෙනුවටවෙනත් නමක් භාවිත කරනු ඇතැයි ද ඔහු කියයි. සිරියානු රජයේ හමුදා, ආරක්ෂක අංශ සහ ඇමෙරිකාවේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් අයි.එස්.සංවිධානයේ ඊට සහාය දෙන සැඟවී සිටින ත්‍රස්ත කණ්ඩායම් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත. කෙසේ නමුත් සිරියාවේ ඊසාන දිසාවේ සිටින කුර්දි බලධාරිහු තවත් ප්‍රධාන අභියෝගයකට මුහුණ දී සිටිති.
විදෙස් ජාතිකයන් ද ඇතුළු ජිහාද් සටන්කාමීන් බව පවසන දහස් ගණනක් කුර්දි සිර කඳවුරුවල රඳවා සිටිති. ඒ අතරවාරයේදී ඔවුන්ගේ ඥාතීහු අතුරුදන්වූවන් සොයා කඳවුරුවල ගැවසෙති.
මෙසේ සටන්කාමීන්ගේ ඥාතීන් සටන්කාමීන් සොයා පැමිණීම අර්ධ- ස්වයං පාලනයක් පවතින කුර්දි පරිපාලනයට හිසදරයක් වී තිබේ. මේ තත්ත්වය නිසා සැකකාර ජිහාද් සටන්කාමීන්ට එරෙහිව නඩු විභාග පැවැත්වීමට කුර්දි පාලනයට වුවමනා වී තිබේ.
“මේ ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්න ජාත්‍යන්තර විනිශ්චය සභාවක් කැඳවන්නැයි අපි ඉල්ලා තිබෙනවා” යැයි කුර්දි පරිපාලනයේ විදේශ කටයුතු සම්බන්ධයෙන් පත් කර සිටින ඉහළ පෙළේ නිලධාරියෙක් වන අබ්දෙල් කරීම් ඕමාර් පැවැසීය.
“අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රමුඛත්වය” යැයි ඔහු කීවේය. අයි.එස්. සංවිධානයට 2014 වසරේ සිටහිස ගසා දැමීම්, සමූහ ඝාතන, ස්ත්‍රී අපහරණ, ලිංගික අඩත්තේට්ටම්, පැහැරගැනීම් සහ වාර්ගික ශුද්ධය යන චෝදනා එල්ල වී තිබේ. ඒවාට අමතරව අයි.එස්.සංවිධානයට තවත් චෝදනා රැසක් එල්ලවී තිබේ.
ජිහාද් සටන්කාමීන් බොහෝමයක් මේවනවිටත් සිරගත කර සිටිය ද ඔවුන් තවමත් තර්ජනයක් යැයි විශේෂඥයෝ පවසති. “මේ රැඳවුම් මධ්‍යස්ථාන අන්තවාදය පතුරුවන මධ්‍යස්ථාන බවට පත්වෙලා”යැයි රටවලට බුද්ධි සහ ආරක්ෂක තොරතුරු සපයන සංවිධානයක් වන ‘සුෆාන් මධ්‍යස්ථානය’ වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේය.


හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී. ඇසුරිනි
ලංකාදීප
රජවීදිය
2019.05.09

No comments:

Post a Comment