Tuesday, June 14, 2016

මරණය කල් දාන්න ඇපල් කන්නලු

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසති.
වසර 15ක් පුරා වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් මෙසේ අධ්‍යයනයට  කර ඇත්තේිවෙස්ටන් ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසකි. 
එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ මර්ත්‍යතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව එහිදී අනාවරණය වී ඇත. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයෝ කටයුතු කර තිබුණි.  
දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූ පර්යේෂකයෝ පෙන්වාදෙති. 
ඇපල්වල කෙඳි විශාල ප්‍රමාණයක් ද සමේ ඇතිිෆ්ලේවනොයිඩ්’ ද අඩංගු වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
‘ෆ්ලේවනොයිඩ්ස්’ යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි. ිෆ්ලේවනොයිඩ්ස්’ ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි.  
සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති. 

(ඬේලිමේල් ඇසුරෙනි)


http://www.lankadeepa.lk/index.php/articles/426772


"මානව හිමිකම් යෝජනාවට සියලුදෙනාම සහාය දෙන්න ඕනෑ"

මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාකියන් සියලු දෙනාම පරිපූර්ණව හා අර්ථාන්විතව ඊට සම්බන්ධ විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් මහතා   පැවැසීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ක්‍රියාවට නැංවීමේ ආණ්ඩුවේ කැපවීම පෙන්නුම් කිරීමට නම් පුළුල් උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරය අමතමින් ඔහු මේ බව කීවේය. 

ගෝලීය මානව හිමිකම් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකාව පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල මානව හිමිකම් සම්බන්ධයෙන්  ද ඔහු අදහස් දැක්වීය. 

යෝජනා 30/1 ක්‍රියාත්මක කිරීමේදී වඩාත් ප්‍රායෝගික හා උපායමාර්ගක සැලැස්මක අවශ්‍යතාව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා සියලු පාර්ශව සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකා රජය කටයුතු කළ බව ද පෙන්වා දුන්නේය. 


මානව හිමිකම්වලට ගරුකම් සෑම රටකටම වඩාත් තිරසර හා නිහතමානී මාර්ගයක ගමන් කිරීමට අවස්ථාව උදා කර දෙන බව ද මානව හිමිකම් ආරක්ෂා කිරීමට සියලු දෙනා ඇප කැප වී කටයුතු කළ යුතු බව ද තවමත් එයට ප්‍රමාද නැතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.  


ජීනිවාහිදීය (ඒ.එෆ්.පී)


http://www.lankadeepa.lk/index.php/articles/426829

යළිත් සාගර ගවේෂණයක් ලංකාවේ

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය ආවරණය වන පරිදි සාගරික විද්‍යා සමීක්ෂණයක් හා මත්ස්‍ය සංචිත තක්සේරුකරණය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණයක් සිදු කිරීමට පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයට උපදෙස් දී ඇත.
මෙම ගවේෂණය සඳහා නෝර්වේ හි ධීවර හා කටයුතු සංවර්ධන සහයෝගීතා මධ්‍යස්ථානය සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයේදී (නාරා) අද (14) පැවැත්වුණු අතර ඊට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයේ  (නාරා) හි සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න, නෝර්වේ හි ධීවර හා කටයුතු සංවර්ධන සහයෝගීතා මධ්‍යස්ථානයේ උපදේශක ජෙන්ස් ඔටෝ ක්‍රක්ස්ටැඩ් ඇතුළු ක්ෂේත්‍රයෝ නියෝජනය කරන පිරිසක් සහභාගී වූහ. 

“මීට පෙර මෙවැනි පර්යේෂණයක් කළේ 1978 දී. ලොව අනෙක් රටවල් සාගර හා මත්ස්‍ය සම්පත් පිළිබඳව වසර දෙකෙන් දෙකට පර්යේෂණ සිදු කරනවා. එහෙත් අපේ රටේ දී එහෙම වුණේ නෑ. මෙහි මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා. ඉන් පසු යාත්‍රා පැමිණ දෙසැම්බර් මාසයේදී වැඩ කටයුතු ආරම්භ කරනවා.” යැයි ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා පැවසීය.



Monday, June 13, 2016

මැලේරියාව 2020 දී ලංකාවෙන් ඉවතට

ශ්‍රී ලංකාවට වසර 2020 වනවිට මැලේරියා රෝගය තුරන් කිරීමේ හැකියාව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පසුගිය වසර තුනක කාලයේදී ශ්‍රී ලංකාවෙන් කිසිදු මැලේරියා රෝගියකු හමු නොවූ බවත් මැලේරියාව තුරන් කිරීමේදී ශ්‍රී ලංකාව දැඩි සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
වසර 1999 දී ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගීන් 264549 ක් වාර්තා වූ බවත් 2012 වසරේදී කිසිදු මැලේරියා රෝගියකු හමු නොවූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 
මැලේරියා රෝගයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2016-2030 වැඩසටහනට සමගාමීව එම සංවිධානය නිකුත් කළ වාර්තාවක මෙම කරුණු දැක්වෙයි. 
වසර 2030 දී රටවල් 35කින් මැලේරියා රෝගය තුරන් කිරීමට හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි. 



කෝපි බොන්නේ පරිස්සමෙන්

කෝපි පානය කිරීමෙන් මානසික උත්තේජනයක් සිදුවීමට අමතරව අමාශයේ ඇති ඇසිඩ් වර්ග ද උත්තේජනයකට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
ආමාංශයේ ඇසිඞ් උත්තේජනය වීම නිසා, බඩවැල්වල සිදුවන ක්‍රියාදාමය ඉක්මන් වීමක් සිදුවන බවත් ඒ නිසා වැසිකිළි යෑමේ අවශ්‍යතාව ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.
විද්‍යාඥයන් මීට පෙර සිතා සිටියේ කැෆෙන්වලින් විරේකයකින් සිදුවන ආකාරයේ ක්‍රියාවලියක් සිදුවන බවත්, එය පුද්ගලයන් දහ දෙනකුගෙන් තිදෙනකු අතර තිබෙන තත්ත්වයක් බවත්ය.
කැෆෙන් රසායනය ඉවත් කළ කෝපිවලිනුත් මේ තත්ත්වය ඇතිවන බව මේ වනවිට අනාවරණය වී ඇත.
සීනි රහිත කොකා කෝලාවලින් මෙය සිදුවන්නේ නැතැයි ද මීට හේතුව කෝපිවල ඇති රසායනයක් බව ද එහිදි අනාවරණය විය. ඇමෙරිකා රසායන විද්‍යා සංගමය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර කෝපිවල ඇති ඇසිඩ් ස්වභාවය යම් යම් පුද්ගලයන්ගේ ආමාශයේ සිදුවන ක්‍රියාකාරකම් බලපෑම් කරන බව ද ඔවුහු පෙන්වාදෙති.
අමාශයේ ඇති ඇසිඩ් මට්ටම් වැඩි කිරීමට කෝපිවල ඇති ක්ලෝරෝජෙනික් නැමැති ද්‍රව්‍යය හේතුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත. ඒ අනුව ඇසිඩ් ක්‍රියාකාරිත්වය වැඩි වන අතර ඒ හේතුවෙන් ආමාශයෙන් ආහාර ඉක්මනින් බඩවැල් වෙත යවන බවත් යම් යම් පුද්ගලයන්ට කෝපි පානය කළ පසු මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.


වැඩිහිටි කාන්තාවන්ට පාන්/බත් අගුණයි?

පාන් (සුදු පාන්) හා බත් ආහාරයට ගැනීමෙන් වැඩිහිටි කාන්තාවන්ට ආතතිය ඇතිවීමේ අවදානම වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
ධාන්‍ය ආහාර හා එළවළු ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය මඟ හරවා ගත හැකිය.
සීනි ආදේශක ආහාරවලින් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවන අතර සිරුරේ ඉන්සියුලින් හෝමෝනය සිරුරෙන් ඉවත් කිරීමට මග පාදයි.  මේ හරහා සිදුවන ක්‍රියාවලිය නිසා ආතතිය විෂාදය ඇතිවීමේ අවදානම වැඩිවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. බි්‍රතාන්‍යයේ සෑම පුද්ගලයන් 100 දෙනකුගෙන් තිදෙනකුම ආතතියෙන් පෙළෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.  කරන ලද මෙම පර්යේෂණයට කාන්තාවන් 70,000කට ආසන්න පිරිසක් යොදාගත් අතර එහිදි අනාවරණය වූයේ කාබෝහයිඩ්‍රේට් (රහිත) ආදේශක ආහාර හා ආතතිය අතර සම්බඳතාවක් පවතින බවයි.
 කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගත්විට රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යයි. ග්ලයිසෙමික් අගය (ජී.අයි අගය) 1ත් 100ත් යනු ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි ප්‍රමාණය මනින ආකාරයයි. පිරිපහදු කාබෝහයිඩ්‍රේට් ආහාර එසේත් නැතිනම් කාබෝහයිඩ්‍රේට් නොමැති ආහාර ගත්විට ජී.අයි අගය ඉහළ යන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඉන් අදහස් වනුයේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ ගොස් ඇත යන්නයි.
(fඬ්ලිමේල් ඇසුරිනි)



ශාඛ ආහාර ගත්විට කාන්තාවන් ලස්සන වෙනවාලු

ශාක ආහර ගත්විට කාන්තාවන්ගේ ලස්සන වැඩිවන බවත්, විරුද්ධ පාර්ශවයට ආකර්ෂණය වීම ප්‍රමාණය වැඩි වන බවත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
එළවළු හා පළතුරු ආහාරයට ගන්නා කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය හා ආකර්ෂණීය ස්වභාවය එළවළු හා පළතුරු ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.
 කැරට්, බතල, තද කොළ පැහැති කොළ ජාති හා තක්කාලිවල ඇති වර්ණක හා සංඝටක පිළිකාවලින් ආරක්ෂා වීමට උපකාරි වන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. එමෙන්ම එම වර්ණකවලට සමේ පැහැය හා පෙනුම ද වර්ධනය කිරීමේ හැකියාවක් ද ඇතැයි පර්යේෂකයෝ පවසති.
ස්කොට්ලන්ත හා ඕස්ට්‍රේලියා    පර්යේෂකයෝ පිරිසක් එක්ව මෙම පර්යේෂණ සිදු කළහ.
කොළ පැහැති ආහාර හා, එළවළු පළත-ුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම කාන්තාවනගේ සමේ පැහැය වර්ධනය වීමටත්, විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩිවීමටත් හේතුවන බව ඔවුහු පෙන්වාදෙති. සමේ පැහැය විශේෂයෙන්ම කහ පැහැය වර්ධනය වීමත් එළවළු හා පළතුරු අතර දැඩි සම්බන්ධතාවක් පවතින බව මෙම පර්යේෂණවලදී අනාවරණය වී ඇත. මෙම පර්යේෂණවලින් තවදුරටත් අනාවරණය වී ඇත්තේ සම කහ පැහැ නම් ඔවුන් සෞඛ්‍ය සම්පන්න හා විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි.
 එහෙත් කළු හෝ දුඹුරු හෝ පැහැයෙන් යුත-ු පුද්ගලයන් එසේ නොවනවා යැයි ඉන් අදහස් නොවන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. එම නිසා අනාගත පර්යේෂණවලදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද කාන්තාවන් එළවළු හා පළතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතු යැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
කැරොටෙනොයිඩ්ස් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාර ගැනීම සෞඛ්‍යයට හිතකර බවත්, ඉන් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩු වන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. කැරට් වැනි ආහාරවල කැරොටෙනොයිඩ්ස් සංඝටක අඩු බව ඔවුහු පෙන්වාදෙති. 
(ඬේලිමේල් ඇසුරෙනි)



උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා දකුණේ ධීවරයන්ට ධීවර බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

උතුරු මුහුදේ සංක්‍රමණික ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් මෙලෙස අලුතින් ධීවර බලපත්‍ර නිකුත් කිරීම නවතා දමන්නැයි ඇමැති දන්වා තිබේ.
සංක්‍රමණික ධීවර ගැටළුව සාකච්ඡා කිරීම සඳහා ධීවර අමාත්‍යංශයේ    පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත. 

සංක්‍රමණික ගැටළුව නිසා උතුරේ ධීවරයන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව එම සාකච්ඡාවට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ද පෙන්වා දුන්නේය.






‘ඊළාම් මතවාදය පරාජය කරනවා‘

රට තුළත් ඉන් පිටතත් තිබෙන ඊළාම් රාජ්‍යයක සිහිනය, එල්.ටී.ටී.ඊ මතවාදය පරාජය කිරීමට රටේ සියලු දෙනා එකතු කරගෙන කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) පැවැසීය.
පශ්චාත් යුද සමයේ ඇති කර යුතුව තිබූ සහෝදරත්වය, සමඟිය, සහජීවනය හා සාමය ඇති නොකළ බවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොදුනහොත් උතුරේ තරුණයන් නැවත ආයුධ අතට ගනු ඇතැයි ද ජනපතිවරයා කීවේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කරුණු කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය සී.වී ගුණරත්න මහතාගේ 16 වැනි ගුණ සමරුව දෙහිවල ගල්කිස්ස නරග ශාලාවේ පැවැති උත්සවයකදීය. 
 “අවුරුදු 27ක් උතුරේ ජනතාව කඳවුරුවල සිටියා. මම ඔබෙන් අසනවා ඔබට එසේ සිටින්නට පුළුවන් ද? ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ප්‍රශ්න වගේම අන් අයගේ ප්‍රශ්නත් තේරුම් ගත යුතුයි‘‘ යැයිද ජනපති කීවේය.





‘අතුරුදන්වූවන්ට නුදුටු සහතික කඩිනමින්‘

ලොව අතුරුදන්වූ පුද්ගලයන් ගේ පවුල්වල අයට වෙත නුදුටු සහතික නිකුත් කිරීම කඩිනම් කරන බව විදේශ අමාත්‍යංශය කියයි. 1994 සිට ශ්‍රී ලංකාවේ හැට පන්දහසකට අධික ප්‍රමාණයක් අතුරුදන්වී ඇති බවට රජයට පැමිණිලි ලැබී ඇතැයි අමාත්‍යංශය පවසයි.
දේපළ පැවරීම හා හිමිකාරිත්වය, වන්දි ඉල්ලුම් කිරීම, සමාජ සුබ සාධන ගෙවීම් හා විශ්‍රාම වැටුප් ආදී කටයුතුවලදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන  මෙසේ නුදුටු සහතික නිකුත් කිරීමට පියවර ගෙන ඇත.



‘අලි රැකගන්න අලිමංකඩවල් රකින්න‘

අලියෙක් දිනකට කිලෝමීටර 15කට වඩා වැඩි දුරක් ඇවිදිනවා. අලින් ආරක්ෂා කිරීමට නම් දැනට වෙන්ව ඇති කැලෑ එකට බද්ද කරමින් අලිමංකඩවල් ඇති කළ යුතු බව පරිසර හා සොබාදහම් අධ්යමයන මධ්ය්ස්ථානයේ පරිසරවේදී රවීන්ද්රක කාරියවසම් මහතා කියයි.
ඔහු මේ බව ප්රාකාශ කළේ  අලින්ට නිසි ලෙස ප්ර තිකාර හා සාත්තු නොකරන බවටත් පෙරහැරවලට යොදාගන්නා අලින්ට විවිධ වධ හිංස පමුණුවන බවටත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීාපාල සිරිසේන මහතා කළ ප්රනකාශයකට පිළිතුරු දෙමිනි.
‘අලිමංකඩවල් අතරේ කැලෑ වැව්වා නම් අලි ගම් වදින්නේ නැහැ. ඒ නිසා ලංකාවේ අලි රකින්න අලිමංකඩ රැකිය යුතුයි. පෙරහරවලට අලි අවශ්යේ නම් පින්නවලින් ගන්න පුළුවන්. නැවත ඒ අලි පින්නවලට බාරදීම ද විධිමත්ව කළ යුතුයි. ඒ සඳහා දැන්මම වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ලංකාවේ හැමදාම පෙරහරවල් තියෙන්නේ නැහැ. ඒ නිසා එය පහසුවෙන් කළ හැකියි‘ යැයි ද ඔහු කීවේය.


http://www.lankadeepa.lk/index.php/articles/425109