අලියෙක් දිනකට කිලෝමීටර 15කට වඩා වැඩි දුරක් ඇවිදිනවා. අලින් ආරක්ෂා කිරීමට නම් දැනට වෙන්ව ඇති කැලෑ එකට බද්ද කරමින් අලිමංකඩවල් ඇති කළ යුතු බව පරිසර හා සොබාදහම් අධ්යමයන මධ්ය්ස්ථානයේ පරිසරවේදී රවීන්ද්රක කාරියවසම් මහතා කියයි.
ඔහු මේ බව ප්රාකාශ කළේ අලින්ට නිසි ලෙස ප්ර තිකාර හා සාත්තු නොකරන බවටත් පෙරහැරවලට යොදාගන්නා අලින්ට විවිධ වධ හිංස පමුණුවන බවටත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීාපාල සිරිසේන මහතා කළ ප්රනකාශයකට පිළිතුරු දෙමිනි.
‘අලිමංකඩවල් අතරේ කැලෑ වැව්වා නම් අලි ගම් වදින්නේ නැහැ. ඒ නිසා ලංකාවේ අලි රකින්න අලිමංකඩ රැකිය යුතුයි. පෙරහරවලට අලි අවශ්යේ නම් පින්නවලින් ගන්න පුළුවන්. නැවත ඒ අලි පින්නවලට බාරදීම ද විධිමත්ව කළ යුතුයි. ඒ සඳහා දැන්මම වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ලංකාවේ හැමදාම පෙරහරවල් තියෙන්නේ නැහැ. ඒ නිසා එය පහසුවෙන් කළ හැකියි‘ යැයි ද ඔහු කීවේය.
http://www.lankadeepa.lk/index.php/articles/425109
No comments:
Post a Comment