Thursday, July 14, 2016

'පෞද්ගලික බස් අංශයටත් මාසික වැටුප් ක්‍රමයක්'- එරික් වීරවර්ධන

පුද්ගලික බස් රථ අංශයේ සේවය කරන කොන්දොස්තරවරුන් හා රියදුරන්ට සේව්‍ය සේවක අර්ථසාධක වරප්‍රසාදය හිමිවන ස්ථිර මාසික වැටුප් සහිත ක්‍රමවේදයක් සකසන බව මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති,එරික් වීරවර්ධන මහතා  අද (14) පැවැති ‘සහසර‘ නියමු ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ දී පැවසීය.
පුද්ගලික ප්‍රවාහන අංශයේ සේවය කරන කොන්දොස්තරවරු රියදුරුවරු තවමත් නිශ්චිත වැටුපක් නැතැයි ද ඔවුන්ගේ ජිවිතය අනාගතය සුරක්ෂිත නැතැයි ද ඔහු කීවේය.

No comments:

Post a Comment