ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කරන ලද පරස්පර ප්‍රකාශවලින් ආණ්ඩුව පොදු එකඟතාවකින් කටයුතු කරන්නේ දැයි සැකයක් මතුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (6) පැවැසීය.
එමෙන්ම විෂමතාවක් හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කළා නම් ඔහුත්, ඔහු පත් කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ ආණ්ඩුව විසින් පිහිටුවන ලද මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ඉදිරියට පැමිණ විය යුතු යැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කීය.
බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (6) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මෙම කරුණු පැවැසීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා මෙසේ පැවැසීය.
අද රට ආරාජික තත්ත්වයකට පත්වෙලා. අද රට යහපාලනය නෙවෙයි කිසිදු පාලනයක් නැති රටක් බවට පත්වෙලා. අද රටේ ආණ්ඩුවක් නැහැ.
අද රහස්‍යභාවය කියන සංකල්පය වංචාකාරී ලෙස භාවිත කරනවා. බැඳුම්කර සිදුවීමේදී කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රහස්‍ය තොරතුරු බව පවසමින් කරුණු සඟවන්න උත්සාහ කරනවා. රහස්‍යභාවය කියන සංකල්පය භාවිත කරමින් මේ කරුණු සඟවන්න උත්සාහ කරනවා. එම නිසා මෙම කරුණු අනාවරණය කරමින් මහ බැංකුවේ නිර්මලභාවය හා විශ්වාසනීයත්වය සුරක්ෂිත කිරීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කළ යුතුයි.” යි ජී.එල් පීරිස් මහතා තවදුරටත් කීය.
මෙහිදි අදහස් දැක් වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ කීය.
“අද කෝප් කමිටුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් යොදමින් අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව තියෙන පරීක්ෂණය පරාජයට පත් කරන්න උත්සාහ කරනවා. එයයි ආණ්ඩුවේ උත්සාය. ඉස්සර නම් ආණ්ඩුවෙන් හා විපක්ෂයෙන් සම සමව යොදාගත්තා. සභාපතිවරයෙක් දාන්නේ විපක්ෂයෙන්. ඉතින් කෝප් කමිටුව අපක්ෂපාතී යැයි කියන්නේ කොහොමද ?
නව මහ බැංකු අධිපතිවරයා යහපත් වෘත්තිකයෙක්. ඔහු එල්.ටී.ටී.ඊ යේ පුද්ගලයෙක් ලෙස අප පවසන්නේ නැහැ. ඔහු එල්.ටී.ටී.ඊ කාරයෙක් යැයි හංවඩු නොගැසිය යුතුයි. ඔහු මහ බැංකුව වංචාවලින් තොරව රටේ උන්නතිය වෙනුවෙන් ගෙන යනු ඇතැයි අප විශ්වාස කරනවා.
No comments:
Post a Comment