(රොයිටර්)
සිරියානු රජයට එරෙහිව දැනට ඇලෙපෝහි සටන ් වදිමින් සිටින සටන් කරුවන් යටත් වෙන්නේ නම් ඔවුන්ට සමාව දීමට තමා සූදානම් බව සිරියා ජනපති බෂීර් අල් අසාද් ඊයේ (6) පැවසීය.
කැරැලිකරුවන්ට ආයුද බිම තබා තම පවුල්වල සාමාජිකයන් සමඟ ඇලෙපෝ නගරය අත් හැර යා හැකි බවද සිරියා ජනපතිවරයා තවදුරටත් පවසා ඇත.
සිරියාවේ විශාලතම නගරය වන ඇලෙපෝ නගරයේ බලය දිගු කලක් තිස්සේ රැඳී තිබුණේ කැරැලිකරුවන් අතය. මෑතකදී ඇතිකර ගනු ලැබූ සටන් විරාමය බිඳ වැටීමෙන් පසුව රුසියාවේ සහාය ලැබෙන සිරියානු හමුදා මේ වනවිට සටන් කරුවන්ගේ බලය බොහෝ දුරට බිඳ දැමීමට සමත් වී ඇත. සටන් කරුවන් අත තිබූ ඇලෙපෝ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම අල්ලා ගැනිමට සිරියානු හමුදා සමත්වී සිටිති.
No comments:
Post a Comment