සිරියානු රජයේ හමුදා ඇලෙපෝ නුවරට එල්ල කරන ගුවන් ප්‍රහාර සීමා කිරීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කැරැලිකරුවන්ගේ සැපයුම් ජාල සියල්ල නවතා දැමීමට හැකිවීම ඊට හේතුව යැයි ද සිරියානු රජයේ හමුදා පවසා ඇත.
ප්‍රහාර සීමා කරන කාලයේදී සිවිල් වැසියන්ට සුදුසු පරිසරයක් ඇති කිරීමට කටයුතු කරන බව ඔවුන් පවසා ඇතැයිද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
සිවිල් යුද්ධය හේතුවෙන් දහස් ගණනකට ජීවිත අහිමි වී ඇති අතර එරට ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් අවතැන් වී ඇත.
No comments:
Post a Comment