සිරියානු අර්බුදයට විසඳුම් සෙවීමේදී තවත් රටවල් බොහෝමයක් ඊට සම්බන්ධ විය යුතු බව රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් ඊයේ (16) ප්‍රකාශ කළේය.
ප්‍රංශ සංචාරය අවලංගු කරන ලද්දේ සිරියානු අර්බුදය එම සාකච්ඡාවල මූලික නොවූ නිසාත් ප්‍රංශය සිරියානු අර්බුදයට සැලකිය යුතු මැදිහත් වීමක් ද කර නැති නිසාත් යැයි එහිදි රුසියා ජනපතිවරයා කීවේය.
රුසියානු සංස්කෘතික සහ අධ්‍යාත්මික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයටත් ප්‍රදර්ශනයකටත් සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපතිවරයා ලබන 19 වැනිදා ප්‍රංශයට යෑමටව නියමිතව තිබුණි. එහෙත් රුසියා ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව තිබූ ඉසව් කිහිපයක් ප්‍රංශ බලධාරීන් විසින් ඉවත් කිරීම හේතුවෙන් එම සංචාරය අවලංගු කිරීමට රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය.
No comments:
Post a Comment