‘ලෝක
විවාහක
රූ
රැජින
2021
තරගාවලිය’
ශ්‍රී
ලංකාවේ
දී
පැවැත්වෙන
බව
කොළඹ
කිංග්ස්බරි
හෝටලයේ
දී
අද
(03)
නිවේදනය
කළේය.
ඒ
අනුව
වෝග්
ජුවෙලර්ස්,
කිංග්ස්බරි
හෝටලය
සහ
ජීෆ්ලොක්
යන
සමාගම්වල
ප්‍රධාන
අනුග්‍රාහකත්වයෙන්
මේ
වසරේ
නොවැම්බර්
12
වැනිදා
සිට
21
වැනිදා
දක්වා
‘ලෝක
විවාහක
රූ
රැජින
2021
තරගාවලිය’
කොළඹ
දී
පැවැත්වීමට
කටයුතු
යොදා
ඇත.
‘ලෝක
විවාහක
රූ
රැජින-ශ්‍රී
ලංකා’හි
ජාතික
අධ්‍යක්ෂ
චන්දිමාල්
ජයසිංහ
සහ
‘ද
කලම්බු
ලයිෆ්ස්ටයිල්’
සමාගම
‘ලෝක
විවාහක
රූ
රැජින
2021’
තරගාවලියේ
සම
සංවිධායකත්ය
හොබවති.
‘ලෝක
විවාහක
රූ
රැජින
2021
තරගාවලිය’
ශ්‍රී
ලංකාවේදී
පැවැත්වෙන
බව
නිල
වශයෙන්
නිවේදනය
කළේ
වසර
35කට
පසු
‘ලෝක
විවාහක
රූ
රැජින’
කිරුළ
ශ්‍රී
ලංකාවට
දිනා
දුන්
කැරෝලයින්
ජූරිය.
ඉකුත්
වසරේදී
ඇමෙරිකා
එක්සත්
ජනපදයේ
ලාස්
වේගාස්
හි
පැවැති
ලෝක
විවාහක
රූ
රැජින
2020
තරගාවලියේදී
කිරුළු
පැළැඳීමට
සමත්
වූවාය.
ඒ
බව
නිවේදනය
කිරීමේ
අවස්ථාවට
‘ලෝක
විවාහක
රූ
රැජින
2018
තරගාවලියේ’
කිරුළ
දිනූ
ඇලිස්
ජී
ජෙනාටා
ද
එක්ව
සිටියාය.
‘ලෝක
විවාහක
රූ
රැජින’
සංවිධානය
නියෝජනය
කරමින්
ඇය
මෙම
අවස්ථාවට
එක්ව
සිටියාය.
1984 වසරේදී
කොළඹ
නගරාධිපතිනි
රෝසි
සේනානායක
මහත්මිය
පළමු
වරට
ලෝක
විවාහක
රූ
රැජින
කිරුළ
ශ්‍රී
ලංකාවට
දිනා
දීමට
සමත්වූවාය.
ලෝක
විවාහක
රූ
රැජින
තරගාවලියක්
පැවැත්වුණු
පළමු
අවස්ථාව
එය
වූ
අතර
ඔස්ට්‍රේලියාවේ
ක්වීන්ස්ලන්ඩ්හිදී
එම
තරාගවලිය
පැවැත්විණි.
පසුගිය
වසර
කිහිපයේදී
ඔස්ට්‍රේලියාව,
ඊශ්‍රායලය,
හවායි,
ඇමෙරිකා
එක්සත්
ජනපදය,
ඉන්දියාව,
රුසියාව,
වියට්නාමය,
චීනය,
දකුණු
කොරියාව
සහ
දකුණු
අප්‍රිකාව
යන
රටවලදී
ලෝක
විවාහක
රූ
රැජින
තරගාවලි
පවත්වා
ඇත.
ලොව
පුරා
රටවල්
80ක
ලෝක
විවාහක
රූ
රැජින
සංවිධානයේ
අධ්‍යක්ෂවරු
සිටිති.
ඒ
අනුව
කොළඹ
දී
පැවැත්වෙන
‘ලෝක
විවාහක
රූ
රැජින
2021
තරගාවලියට’
රටවල්
80ක්
නියෝජනය
කරමින්
තරගකාරියන්
සහභාගී
වනු
ඇත.
‘ද
ලයිට්හවුස්
ඕඩියෝ
විෂුවල්’
සමාගම
මෙම
තරගාවලියේ
අලෝක
හා
ශබ්ද
අනුග්‍රාහකත්වය
සපයයි.
කොළඹ
කිංග්ස්බරි
හෝටලයේ
පැවැති
මාධ්‍ය
හමුවට
‘වෝග්
ජුවෙලර්ස්’
හි
ප්‍රධාන
විධායක
අධ්‍යක්ෂ
උදාර
කරුණාතිලක,
‘කිංග්ස්බරි
හෝටලයේ’
අධ්‍යක්ෂ
- මහජන
සබඳතා
අමන්දා
ප්‍රනාන්දු,
‘ලෝක
රූ
රැජින-
ශ්‍රී
ලංකා
ජාතික
සංවිධායක’
චන්දිමාල්
ජයසිංහ,
‘ජීෆ්ලොක්
ක්ලෝතින්’
සමාගමේ
ප්‍රධාන
විධායක
නිලධාරී
රනිල්
විල්ලදරගේ,
‘ද
කලම්බු
ලයිෆ්ස්ටයිල්’
සමාගමේ
ඉසව්-අධ්‍යක්ෂ
රිෂිනි
වීරරත්න
සහ
‘ද
කලම්බු
ලයිෆ්ස්ටයිල්’
සමාගමේ
අධ්‍යක්ෂ
- මහජන
සබඳතා
මිනෝලි
රත්නායක
යන
මහත්ම
මහත්මීහු
සහභාගී
වී
සිටියහ.

No comments:
Post a Comment