ඉන්දියාවෙන්
'කොවිඩ්-19'
එන්නත් මාත්‍රා
මිලියන 30ක්
ගෙන්වීමට බංග්ලාදේශය ඉන්දියාවේ සේරම් ඖෂධ සමාගම සමඟ ගිවිසුමකට අත්සත් තබා ඇත.
සේරම්
ඖෂධ සමාගම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම කොවිඩ්-19 ඉන්දියාව තුළ
නිෂ්පාදනය කරයි.
එන්නත සූදානම් වූ විගස සේරම් ඖෂධ සමාගම බංග්ලාදේශයට එන්නත්
මාත්‍රා මිලියන 30ක් ලබාදෙන බව ගිවිසුමට අත්සන් තැබීමෙන්
පසු එරට සෞඛ්‍ය අමාත්‍ය සහීද් මලීක් ඩකා නුවර දී පැවැසීය.
බංග්ලාදේශයේ ඖෂධ සමාගමක් වන බෙසිම්කෝ සමාගම හරහා මසකට එන්නත්
මාත්‍රා මිලියන පහ බැගින් මිලදී ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
ලංකාදීප 2020.12.09. මුල්පිට
No comments:
Post a Comment